Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නවතම (2017 ජුනි) මලල ක්‍රීඩා ඉසව් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන හසිනි ප්‍රබෝධා සහ විදූෂා ලක්ෂාණි තුන් පිම්ම කාන්තා ඉසව්වෙන් ඉහළ ස්ථාන දෙකකට පත්ව සිටිති.
මෙම ඉසව්වේ වයස අවු 20න් පහළ වර්ගීකරණයට අනුව හසිනි ප්‍රබෝධා ලොව 12 වන ස්ථානයටත් විදූෂා ලක්ෂාණි විවෘත අංශයෙන් 42 වැනි ස්ථානයටත් පත්ව සිටිති. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තුන් පිම්ම කාන්තා ඉසව්වෙන් ජගත් වර්ගීකරණය අනුව මෙවැනි ස්ථානයකට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය ලෙස හැදින්වේ.
වෙන්නප්පුව ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ශිෂ්‍යාවක වන හසිනිගේ උපරිම දක්ෂතාව මීටර 13.20 ක් වන අතර ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන විදූෂාගේ උපරිම දක්ෂතාව මීටර 13. 64 කි. තුන් පිම්ම ඉසව්වේ ජාතික ශූරයෙකු වන පිලිප් රංජිත් පෙරේරා එම ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පුහුණුකරු වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.