Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රවණාගාරය ඩන්කන් වයිට්ගේ නමට

ශ්‍රවණාගාරය ඩන්කන් වයිට්ගේ නමට

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශයේ වසරක ප්‍රගතිය හා එහි ඉදිරි දැක්ම පිළිබඳව සමාලෝචනය  කෙරෙන විශේෂ උත්සවයක් හෙට (7) පෙරවරු 9.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාපිත ශ්‍රවනාගාරය ‘ඩන්කන් වයිට්’ ශ්‍රවනාගාරය යනුවෙන් නම් කිරීමට නියමිතය.


1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 400 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ඩන්කන් වයිට් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමුවැනි ක්‍රීඩකයාය.


පසුගිය වසරක කාලය තුළදී ජාත්‍යන්තර තරග බිමේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා ත්‍යාග මුදල් ප්‍රදානය කිරීම, වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළ පළාත් ක්‍රීඩා නිලධාරීන්ට රන් පවුම බැගින් ප්‍රදානය කිරීම ද මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා අතින් සිදුකෙරේ.


වත්මන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා එම ධුරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කරන අතර ‘ශතකයක් දුර බලා දශකයක වැඩ කෙරූ වසරක් ගෙවී ගිය  වගයි’ තේමාව යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබේ.


අදහස් (0)

ශ්‍රවණාගාරය ඩන්කන් වයිට්ගේ නමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.