Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකාවට ආසියානු සහාය දිවීමේ රන් පදක්කමක්

ශ්‍රී ලංකාවට ආසියානු සහාය දිවීමේ රන් පදක්කමක්

editorial - 2024 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)
තායිලන්තයේ  බැංකොක්  නුවරදී  පැවැති  පළමු ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (21) රන් පදක්කමක් දිනා ගත්තේය. මිටර් 4 x 400 (පිරිමි) ඉසව්වෙන් විනාඩි 3 තත්පර 04.48 කට එහිදී  ශ්‍රී  ලංකා  සහය  දිවීමේ කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම දෙවැනි තැනට (විනාඩි 3 තත්පර 05.76) පත් කරමිනි.

අනුර දර්ශන, පසිඳු කොඩිකාර, දිනූක දේශාන් හා කාලිංග  කුමාරගේ  යන ක්‍රීඩකයන් අද ජයග්‍රාහි ශ්‍රී ලංකා  සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළේය. එහිදී කාලිංග කුමාරගේ ජපානයේ සිය තරග සංචාරය නිමවා එහි සිට කෙළින්ම බැංකොක් නුවරට ළඟාවෙමින් අද තරග වැදුණි.

මෙම ධාවන පඨයේදීම 2023 ජූලි මාසයේදී තරග වැදුණු මෙම ශ්‍රී  ලංකා සහාය දිවීමේ කණ්ඩායම එහිදී  පැවැති ආසියානු  මලල ක්‍රීඩා  තරගාවලියේදී  විනාඩි 3 තත්පර 01.56 කට රන් පදක්කම දිනුවේ නව වාර්තාවක් පිහිටුවමිණි.

එහිදීත්  ශ්‍රී ලංකාවේ කලාපීය ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඉන්දියාව දෙවැනි තැනට පත්වූයේ විනාඩි 3 තත්පර 01. 80 කටය. අද තරග වැදීමේදී විනාඩි 3 තත්පර 07.37 කට ඉසව්වේ තෙවැනි  ස්ථානය  ලැබුවේ වියට්නාම කණ්ඩායම විසිනි.

බැංකොක් නුවරදී අද නිමාවට පත්වූ ආසියානු සහාය දිවීමේ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව සහාය දිවීමේ කණ්ඩායම් 5 ක් සහභාගි කළේය. එහිදි අද දිනාගත් රන් පදක්කම හැරෙන්නට මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන්  ශ්‍රී ලංකාව ඊයේ (20) රිදී පදක්කමක් හිමි කර ගත්තේය.

අනුර දර්ශන හා පසිදු කොඩිකාර යන ක්‍රීඩකයින් එම රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමටද ඇතුළත්  වීමෙන් ඔවුන්  මෙම  තරගාවලියේදී ද්විත්ව පදක්කම්ලාභීන් බවට පත්ව සිටිති.

කෙසේවුවත් සහාය දිවිමේ ඉසව්වලින් පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ අපේක්ෂාවෙන් ශ්‍රී  ලංකාව අද නිමාවට පත්වූ මෙම සහාය දිවීමේ තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් කර තිබුණත් එම අපේක්ෂාවන් ඉටු නොවුණි.
   


අදහස් (0)

ශ්‍රී ලංකාවට ආසියානු සහාය දිවීමේ රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.