Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොස්කව් නගරයේ පරිසරයට වඩාත් හිතකර තත්වයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම දින කිහිපයකට කලින් එහි ළඟා වීමට තීරණය කළ බව රුසියාවේ මොස්කව් නගරයේදි පැවැත්වෙන ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගි වීමට ඊයේ (7 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමේ කළමනාකරු කර්නල් සුදත් මඩුගල්ලේ මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
ඊයේ දිවයිනෙන් පිටත්ව ගියත් හි‍්‍ර ලංකා කණ්ඩායම තරග වැදීම ආරම්භ කරන්නේ ලබන සඳුදා (12) සිටය. එදින මීටර් 400 කඩුලූ පැනීමේ ශි‍්‍ර ලංකා ශූරිය වන කි‍්‍රස්ටීන් සොනාලි මෙරිල් තරග වදියි.
ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම මෙම 15 වැනිදාත්, හෙල්ල විසි කිරීමේ ශූරී නදීකා ලක්මාලි මෙම 16 වැනිදාත් (මූලික වටය) තරග වැඳීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ කී‍්‍රඩිකාවන්ට මොස්කව් නුවරදී පුහුණුවීම් සඳහා දින නමයක පමණ කාලයක් ලැබී තිබේ.
කණ්ඩායම් කළමනාකරු සුදත් මඩුගල්ගේ මහතා පැවසුවේ ලෝක ශූරතාවලියේදී ශි‍්‍ර ලංකාවට කීර්තියක් ගෙන දීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සූදානමින් සිටින බවයි.
‘අපේ සහය දිවීමේ කණ්ඩායම ලෝකයේ හොඳම 15 අතරට පැමිණ තිබෙනවා. හෙල්ල විසි කරීමේ කී‍්‍රඩිකා නදීකා ලක්මාලිගේ දස්කම්ද හොඳ මට්ටමක තිබෙනවා.‘ යැයිද සුදත් මඩුගල්ල මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.