Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බුහුබනේෂ්වර් නගරයේදී පැවැත්වෙන 22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියට සුදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදීම පැවැත්වෙන නේවාසික පුහුණු වැඩමුළුවකට සහභාගිවීම සඳහා අද (25) බුහුබනේෂ්වර් නගරය බලා පිටත්ව ගියේය.
සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් එම නේවාසික පුහුණු සැසිවාරයට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඉතිරිව සිටින තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනෙකු ඉදිරි දිනවලදී බුහුබනේෂ්වර් නගරය බලා පිටත්ව යනු ඇතැයිද මලල ක්‍රීඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
රටවල් 45 ක සහභාගිත්වයෙන් 22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන ජූලි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා එහිදී පැවැත්වේ. ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය දරන එම රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 ක් පමණ සහභාගිවීමට නියමිතය.
එම දිනවලදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා සංගමයේ වාර්ෂික මහ සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු හා එහි ලේකම් ප්‍රේමා පින්නවල යන මහත්වරු බුහුබනේෂ්වර් නගරය බලා පිටත්ව යති. රටවල් 10 ක නියෝජිතයන්ගෙන් සමන්විත ආසියානු මලල ක්‍රීඩා සංගමයේ කේවල සාමාජික කමිටුවේ සභිකයෙකු ලෙසත් පාලිත ප්‍රනාන්දු මහතා දැනට කටයුතු කරයි.
වසර 2013 දී පූනේහිදි පැවැති 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියෙන් පසුව ඉන්දියාව නැවතත් 22 වැනි තරගාවලියේ සත්කාරය දැරීමටත් ඉදිරිපත්ව සිටින අතර 1983දී නවදිල්ලි අගනුවර සත්කාරය සඳහා ලබා දෙමින් ඉන්දියාව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියක සත්කාරය දරා තිබේ.
බුහුබනේෂ්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ලබන ජූලි 6 වැනිදා ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලිය ආරම්භ වන්නේ එදින පෙරවරු 8.30 ට පැවැත්වීමට නියමිත දස ප්‍රයාම ඉසව්වේ මීටර 100 තරගයෙනි. ආසියාවේ වේගවත්ම මිනිස හා කාන්තාව නම් ලබන මීටර 100 කාන්තා හා පිරිමි ඉසව්වේ අවසන් තරග ජූලි 7 වැනිදා පස්වරුවේදී පැවැත්වෙන අතර එහි අවසන් පූර්ව තරග එදින පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.
උස පැනීමේ ක්‍රීඩිකා දුලාංජලී රණසිංහට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලැබීමත් සමග මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ක්‍රීඩා ඇමැතිවරයාට කළ අභියාචනයකින් පසුව ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර තිබේ. කෙසේ වුවත් මේ වනවිට මීටර 1.84ක සිය උපරිම දක්ෂතාවයන් පළ කර තිබෙන මෙම ක්‍රීඩිකාව ආසියානු තරග සංචාරය සඳහා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව කලින් නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.