Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රටවල් 17 ක සහභාගීත්වයෙන් තායිලන්තයේ ”බැංකොක්” නුවර ”තමාසාට්” කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැති තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් පහක් දිනා ගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම දස්කම් දැක්වීය.
ගීතානි රාජසේකර හා නිශ්ශංක කුමාර පදක්කම් දෙකක් බැගින් දිනා ගැනීමට සමත් වූහ. කාලිංග කුමාර (මීටර 400 පිරිමි), ඒ. එම්. එල්. සොයිසා (මීටර 800-පිරිමි) සහ ඞී. එස්. රණසිංහ (හෙල්ල විසිකිරීම පිරිමි) යන කී‍්‍රඩකයන් හැරෙන්නට තරගාවලියට සහභාගිවූ සෙසු ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් එහිදී පදක්කම් දිනා ගැනීමට සමත්වූහ.
මෙම තරග සංචාරය සඳහා කී‍්‍රඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා දුන්නේ අවසන් මොහොතේදී බව වාර්තාවේ. 39 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල පසුගිය දිනවලදී පැවැත්වූ බැවින් තායිලන්ත තරග සංචාරයට නම්කර සිටි ශ්‍රී ලංකා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රටින් පිටවීමට අනුමැතිය දීම කී‍්‍රඩා අමාත්‍යාංශය මුලින් ප‍්‍රතික්‍ෂේප කිරීම ඊට හේතුවූ බවද දැනගන්නට ඇත.
මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිවරයෙකු වන අජිත් නාරගල මහතාත් පුහුණුකරු ලෙස යසරෝහණ ද සිල්වා මහතාත් කටයුතු කළහ.
රන් පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
රිදී පදක්කම් දිනාගත් කී‍්‍රඩිකාව
ලෝකඩ පදක්කම් දිනාගත් කී‍්‍රඩකයා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.