Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ‍්‍රී ලංකා 400X4 සහය ක‍්‍රීඩකයෝ හෙට තරග බිමට

ශ‍්‍රී ලංකා 400X4 සහය ක‍්‍රීඩකයෝ හෙට තරග බිමට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 11 වැනි දිනය වන හෙට (29) ශ‍්‍රී ලංකා මීටර 400X4 සහය දිවීමේ පිරිමි කණ්ඩායම මූලික තරගයට සහභාගි වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා පිල සහභාගි වන පළමු මූලික වටයේ තරගය හෙට රාත‍්‍රී 9.25 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.00 ට ආරම්භ වීමට නියමිතය.  

ශ‍්‍රී ලංකා 400X4 සහය දිවීමේ කණ්ඩායමට කසුන් කල්හාර සෙනවිරත්න, අංජන මධුෂාන් ගුණරත්න, කාලිංග කුමාරගේ, ධනුෂ්ක නලීන් කරුණාරත්න සහ උදාර විරාජ් වීරසිංහ යන ක‍්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.

ශ‍්‍රී ලංකා පිරිමි හොකී පිල සහභාගි වන 9 වැනි ස්ථානය සදහා වන තරගය හෙට (29) කොරියානු වේලාවෙන් පෙරවරු 11.30 ට සිංගප්පූරුවට එරෙහිව පැවැත්වේ.


අදහස් (0)

ශ‍්‍රී ලංකා 400X4 සහය ක‍්‍රීඩකයෝ හෙට තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.