Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සංජීව - ගයන්තිකා රන් පදක්කම් දිනති

සංජීව - ගයන්තිකා රන් පදක්කම් දිනති

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේදී පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී පළමු දිනයේදී (4) මීටර 1500 පිරිමි සහ කාන්තා ඉසව් දෙකේ රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සංජීව ලක්මාල් සහ ගයන්තිකා අබේරත්න සමත්වුහ.


සංජීව ලක්මාල්, මීටර 1500 පිරිමි ඉසව්ව විනාඩි 3. තත්පර 55.56 කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තේය. සංජීව, ඇසෑම් සාග් ක්‍රීඩා උළෙලේ මෙම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ක්‍රීඩකයාය.


මීටර 1500 කාන්තා ඉසව්වට සහභාගි වු ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 4. තත්පර 33.35 කින් තරගය අවසන් කරමිනි. ගයන්තිකා ද මෙම වසරේ ඉන්දියාවේ පැවැති 12 වැනි ඇසෑම් සාග් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනාගත්තාය.


ලයනල් සමරජීව මීටර 10,000 ඉසව්වේ (පිරිමි) රිදී පදක්කම දිනාගත් අතර ඔහු ඒ සඳහා විනාඩි 32.තත්පර 26.57 ක කාලයක් වාර්තා කළේය. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව වන රුමේෂිකා රත්නායකට මීටර 100 ඉසව්වේ (කාන්තා) හිමි වුයේ ලෝකඩ පදක්කමයි.


රුමේෂිකා, මුලික වටයේ තරගයේදී තත්පර 11.96 කින් තරගය නිම කළද, ඇය අවසන් තරගයේදී ලබාගත් කාලය තත්පර 12.96 කි.


දුර පැනීමේ ක්‍රීඩක අමිල ජයසිරි, මීටර 7.56 ක දුරක් පැන ලෝකඩ පදක්කමක් ලැබීය.

 


අදහස් (0)

සංජීව - ගයන්තිකා රන් පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.