Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සන්නන්ධ සේවා ලෝක තරගාවලියට යති

සන්නන්ධ සේවා ලෝක තරගාවලියට යති

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔක්තෝබර් මස 2 වැනිදා සිට 11 වැනිදා දක්වා දකුණු කොරියාවේ මුන්ග්යොන්ග් නුවරදී පැවැත්වෙන 6 වැනි ලෝක සන්නද්ධ සේවා කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.


මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජවන හා පිටිය ඉසව් සඳහා කී‍්‍රඩකයන් 10 ක් සහ කී‍්‍රඩිකාවන් 8 ක් සහභාගී වන අතර බොක්සිං ඉසව් සඳහා කී‍්‍රඩකයෝ 5 දෙනෙක් සහභාගී වෙති.
ශ්‍රී ලංකාවද සමග රටවල් 110 ක් නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණන 9000 කට ආසන්න වේ.


තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම  

ජවන හා පිටිය (පිරිමි) -

මංජුල කුමාර (උස පැනීම), ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසිකිරීම), ජී. ඒ. ගුණරත්න (මීටර් 400), දිලිප් රුවන් (මීටර් 400), කසුන් සෙනෙවිරත්න (මීටර් 400), එම්. ජී. පේ‍්‍රමකුමාර (4X400), එම්. වී. ද සිල්වා (මීටර් 100), ඒ. ආර්. රාජස්ථාන් (මීටර් 100), ඒ. එම්. අබේකෝන් (මීටර් 100)


ජවන හා පිටිය (කාන්තා) -

නදීකා ලක්මාලි (හෙල්ල විසිකිරීම), ගීතානි රාජසේකර (මැරතන්), චන්ද්‍රිකා සුභාෂිණි (මීටර් 400), පද්මා කුමාරි (400, 4X400), ඒ. ජී. කරුණාතිලක (4X400), නිමාලි ලියනාරච්චි (මීටර් 800), ගයන්තිකා අබේරත්න (මීටර් 800), එන්. සී. පි‍්‍රයදර්ශනී (මීටර් 100)


බොක්සිං (පිරිමි) -

පී. ඒ. මධුෂාන්, ඒ. පී. ජයලත්, ආර්. ජී. කුමාරසිංහ, ඞී. එල්. කුමාර, පී. ඒ. ප‍්‍රනාන්දු

 

-036

 


අදහස් (0)

සන්නන්ධ සේවා ලෝක තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.