Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (7) පැවැති මීටර 5000 ඉසව්වේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ලයනල් සමරජීව සමත්විය.
සමරජීව මීටර 5000 ඉසව්ව (පිරිමි) විනාඩි 15. තත්පර 02.03 ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තේය. ඔහු මෙම තරගාවලියේදී මීටර 10000 ඉසව්වේ (පිරිමි) රිදී පදක්කම දිනාගත් ක්‍රීඩකයාය.
තරගාවලියේ අවසන් දිනය වු ඊයේ සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් පහක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්වුහ.
ඉෂාර සඳරුවන් රිටි පැනීම පිරිමි ඉසව්වෙන් (මීටර 4.75) සිවුවැනි ස්ථානයට ද, සජීව ලක්මාල් මීටර 3000 ඉසව්වෙන් සිවුවැනි ස්ථානයට ද පත්වුහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.