Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සමස්ත ශූරතාව නාවික හමුදාවට

සමස්ත ශූරතාව නාවික හමුදාවට

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවික හමුදාවේ සංවිධානයෙන් පැවැති 8 වැනි ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට නාවික හමුදාව සමත්විය. රන් පදක්කම් 107 ක්ල රිදී පදක්කම් 86 ක් සහ ලෝකඩ පදක්කම් 99 ක් සමගින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

කණ්ඩායම් තරග වලදී ශූරතා 17 ක් සහ අනු ශුරතා 13 ක් දිනාගැනීමටද නාවික හමුදාව සමත්විය. ත‍්‍රිවිධ හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7000 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම ක‍්‍රීඩා උළෙල ඉසව් 36 කින් සමන්විත විය.

සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ සමාප්ති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සහභාගී විය.  

යුද හමුදාධිපති හා ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා මණ්ඩලයේ උප සභාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාල ගුවන් හමුදාධිපති හා ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා මණ්ඩලයේ උප සභාපති එයා මර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහ ත‍්‍රිවිධ හමුදා උසස් නිලධාරීහූ රාශියක්ද ආරාධිතයෝ ලෙස ඊට සහභාගී වූහ.

ලබන වසරේ තරගාවලියේදී සත්කාරක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවී තිබෙන අතර එය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා ධජය නාවික හමුදාධිපතිවරයා විසින් ගුවන් හමුදාධිපතිවරයා වෙත පිරිනැමිණ.

036


අදහස් (0)

සමස්ත ශූරතාව නාවික හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.