සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අන්තර් බලකා මලල ක්‍රීඩා තරඟාවලිය ඉකුත් සතියේදී කොළඹ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙවර තරගාවලියේදී නව වාර්තා හයක් පිහිටුවන ලදි.
මෙම තරඟාවලිය සඳහා අනුරාධපුරය, පුත්තලම, පොළොන්නරුව, විල්පත්තුව, අම්පාර, මැදිරිගිරිය, සේරුවිල, උහන, මහඔය, ගෝමරණ්කඩවල, හොරොව්පතාන, ත්‍රීකුණාමලය, මුලතිව්, වැලිඔය, කැබතිගොල්ලෑව, වෙන්නවත්ත, කිලිනොච්චිය, වවුනියාව, කතරගම, නුවර, කටුනායක, මොණරාගල යන බලකා මූලස්ථාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500ක් සහභාගි වූහ.
මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 5000, මීටර් 800, මීටර් 10000, මීටර් 1500, දුර පැනීම, උස පැනීම, කවපෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම, යගුලිය විසිකිරීම, තුන් පිම්ම, මීටර් 100 කඩුලු පැන දිවීම, මීටර් 400 කඩුලු පැන දිවීම, මීටර් 100×4 සහාය දිවීම, මීටර් 200×4 සහාය දිවීම, මීටර් 400×4 සහාය දිවීම, කඹ ඇදීම ආදී තරඟ ඉසව් රැසක් මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් විය.
තරඟාවලියේ සමාප්ති උත්සවය අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සේවා වනිතා ඒකකයේ සභාපතිනි ලක්‍ෂ්මී පල්ලේගම මහත්මිය, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු මහතා, මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පී.බී.ඩී. ඩයස් මහතා ඇතුළු පුහුණු පාසල් සහ උප බලකා අණදෙන නිලධාරිහුද මෙම උත්සව අවස්ථාවට සහභාගි වූහ.
නව තරඟ වාර්තා තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
■ දුර පැනීම (පිරිමි)
පොළොන්නරුව බලකා මූලස්ථානය කේඒඒජී ආරියපාල - දක්‍ෂතාවය මීටර 6.59
■ කවපෙත්ත විසි කිරීම (පිරිමි)
විල්පත්තුව බලකා මූලස්ථානය ඩබ්එච්එච්එම් රුවන් කුමාර - දක්‍ෂතාවය මීටර මීටර 33.68
■ හෙල්ල විසි කිරීම (පිරිමි)
කතරගම බලකා මූලස්ථානය ආර්එම්කේ සේනාධීර - දක්‍ෂතාවය මීටර 49.58
■ මීටර් 100 කඩුළු පැනීම (කාන්තා)
විල්පත්තුව බලකා මූලස්ථානය එස්කේඑන් සේමසිංහ - දක්‍ෂතාවය තත්පර 18.1
■ තුන් පිම්ම (කාන්තා)
සේරුවිල බලකා මූලස්ථානය එම්ජීඅයි සෙව්වන්දි - දක්‍ෂතාවය මීටර 9.55
■ හෙල්ල විසි කිරීම (කාන්තා)
උහන බලකා මූලස්ථානය ටීපී ජානකී - දක්‍ෂතාවය මීටර 30.08