Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සමිත දුලාන් ලෝක වාර්තාව පසු කරයි
ලෝක පැරා මලල ක්‍රීඩා

සමිත දුලාන් ලෝක වාර්තාව පසු කරයි

editorial - 2024 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජපානයේ  කෝබේ නුවරදී  දැන් පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ඊයේ (21) එෆ් 44 හෙවත් පාදයක් ආබාධ පිරිමි කාන්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් අභිබවා යමින් රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ල‍‍ංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය.

ඒ මීටර් 66.49ක දක්ෂතාවයක් දක්වමිණි. මෙවර තරගාවලියේදී ශ්‍රී ල‍‍ංකාව දිනාගත් දෙවැනි පදක්කම මෙයයි. පෙරේදා (20) ශ්‍රී  ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික ගමගේ විසින් ටී 44 හෙවත් පාදයක් ආබාධ පිරිමි කාන්ඩයේ මීටර් 100 ඉසව්වෙන් තත්පර 11.83 කට රිදී  පදක්කම දිනීය.

ඊයේ රිදී පදක්කම දිනූ සමිත දුලාන් මීට පෙර වඩාත්ම අවධානය දිනා ගත්තේ 2020 ටෝකියෝ පැරලිම්පික්  උළෙලේදී එෆ් 64 කාන්ඩය හෙවත් පාදයක් ආබාධ කාන්ඩයේ පිරිමි  හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්  ලෝකඩ  පදක්කම (මිටර් 65.61) දිනා ගැනීමෙනි.

අද සමිතගේ දක්ෂතාවය පිළිබඳව ල‍‍ංකාදීපයට අදහස් දැක්වූ ජාතික පැරලිම්පික් කමිටුවේ  ජාත්‍යන්තර  සබඳතා  සම්බන්ධ්කරන නිලධාරී ප්‍රියන්ත  පීරිස්  මහතා  පැවැසුවේ ඔහුගේ පුරුදු  තරග කාන්ඩය වන එෆ් 64 වෙනුවට ඔහුට තරමක සමාන කමක් ගන්නා එෆ් 44 කාන්ඩයේ තරග වැදීමට සිදුවූ බවයි. 

එසේ නොවන්නට ඔහු පුරුදු කාන්ඩයේම  තරග වැදුණේ නම් ඔහුට  කෙළින්ම එහි ලෝක වාර්තාව හිමි කර ගැනීමේ අවස්ථාවකට ඉඩ කඩ තිබූ බවත් පීරිස් මහතා වැඩිදුරටත්  පැවැසීය.

කෙසේවූවත් ටෝකියෝ  පැරලිම්පික්  උළෙලේදී සමිත සමග තරග වැදී ලෝක වාර්තා දෙකක් පිහිටුවමින් රන් පදක්කම දිනූ ඉන්දීය ක්‍රීඩක සුමිත් ( මිටර් 68.85) මෙන්ම රිදී  පදක්කම ලද ඕස්ට්‍රේලියාවේ මයිකල් බූරියන්ගේ (මිටර් 66.29) එම දක්ෂතා දෙස බැලීමේදී එය සනාථ වන බවක් පෙනී යයි.

මැයි 25 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමේදී ශ්‍රී  ල‍‍ංකාව  ක්‍රීඩකයන් පස් දෙනෙකු හා එක් ක්‍රීඩිකාවක් මෙම තරගාවලියට සහභාගි  කර සිටියි.ඉන්දීය  ක්‍රීඩක සුමිත්  විසින්ම ඊයේ ලෝක වාර්තාවක් පිහිටුවමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.


අදහස් (0)

සමිත දුලාන් ලෝක වාර්තාව පසු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.