Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සහය දිවීමේ කණ්ඩායම් 3 ක් ඉන්දියාවට

සහය දිවීමේ කණ්ඩායම් 3 ක් ඉන්දියාවට

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ සහය දිවීමේ ඉසව් තුනකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක් ඊයේ (9) බැංගලෝර් නගරය බලා පිටත්ව ගියහ.

ඉන්දීය මලල ක්‍රීඩා සංගමයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවෙන් සහභාගිවන්නේ මීටර 400×4 පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහ මීටර 100×4 කාන්තා කණ්ඩායමකි. තරගාවලිය අද සහ හෙට (10 සහ 11) බැංගලෝර් නගරයේදී පැවැත්වේ.

මීටර 400 ඉසව්වේ හිටපු ජාතික ශූරයකු වන ප්‍රසන්න අමරසේකර මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස මෙම සංචාරයට සහභාගිවේ.


සංචාරක ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම්:

මීටර 400×4 පිරිමි කණ්ඩායම:
නලින් කරුණාරත්න, උදය වීරසිංහ, දිල්හාන් ආලෝක, යු.ඩී.රාජපක්ෂ සහ විනුර ලක්මාල්

මීටර 400×4 කාන්තා කණ්ඩායම:
උපමාලි රත්නකුමාරි, ගීතානි පත්මකුමාරි, ඔමායා උදයංගනී, එෆ්. එස්. ගුණතිලක සහ නදීශානී හෙන්ඩර්සන්

මීටර 100×4 කාන්තා කණ්ඩායම:
ලෂිකා සුගන්දි, ශිවන්ති ජයතිලක, එස්.එල්.විදානගුරුගේ, ඩී.එල්.ප්‍රනාන්දු සහ නදීශානි හෙන්ඩර්සන්

 


අදහස් (0)

සහය දිවීමේ කණ්ඩායම් 3 ක් ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.