Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීළග දකුණු ආසියානු ක්රීඩා උළෙලෙන් මලල කී්රඩා ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඉවත් කර ශ්රී ලංකාවේ ඉල්ලීම පරිදි එම ඉසව් නැවත ඊට ඇතුළත් කිරීමට ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දකුණු ආසියානු කී්රඩා විශේෂ සම්බන්ධීකරණ රැස්වීමේදී තීරණය කර තිබේ.
ශ්රී ලංකාව වෙනුවෙන් ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ සහාපති සුගත් තිලකරත්න, එහි භාණ්ඩාගාරික ටෝනාඩෝ ජයසුන්දර, හිටපු ජාතික මලල ක්රීඩා පුහුණුකරු ඒ. සී. ඩර්වින් පෙරේරා යන මහත්වරු එම රැස්වීමට සහභාගී වූහ.
නවදිල්ලි නුවරදී පැවැති මෙම රැස්වීමට අන්තර් ජාතික මලල ක්රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ මහතාද, සාග් ක්රීඩා උළෙලට සහභාගී වන රටවල ජාතික මලල ක්රීඩා සංගම් ප්රධානීහු ඇතුළු සමස්ත ඉන්දීය ඔලිම්පික් කමිටුවේ ප්රධානීහුද සහභාගී වූහ.
සාග් ක්රීඩා උළෙල එළඹෙන ජනවාරි 10 සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්රාන්තයේ ගුවහටි හා සිලාන් යන නගරවලදී පැවැත්වේ.
එම රැස්වීමේදී ගනු ලැබූ තීරණ මෙසේය.
මීළග දකුණු ආසියානු (සාග්) ක්රීඩා උළෙලට මාසයක් පමණ තිබියදී ඉන්දියාවේ යොවුන් ඔලිම්පික් ක්රීඩා සංකීර්ණයේදී ශ්රී ලංකා මලල ක්රීඩා සංචිතයට දින 30 ක නොමිලේ නේවාසික පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සැලසීම. (ඒ සඳහා පූර්ණ අනුග්රහය සමස්ත ඉන්දීය ජාතික මලල කී්රඩා සංගමය හා සමස්ත ඉන්දීය ඔලිම්පික් කමිටුව)
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.