Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෘති‍්‍රම ධාවන පථයේ අලූත්වැඩියා කටයුත්තක් සඳහා සුගතදාස ක‍්‍රීඩාංගණය මෙම 15 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබේ. එම අලූත්වැඩියා කටයුතු එතැන් සිට මසක පමණ කාලයක් සිදු කෙරෙනු ඇතැයිද වාර්තා වේ.
රුපියල් මිලියන 113 ක වියදමින් පසුගිය වසරේ ජූනි මාසයේදී විවෘත කෙරුණු සුගතදාස පිටියේ කෘති‍්‍රම ධාවන පථයේ තැන් කීපයකම මේ වන විට කඩතොළුවීම් හා හානිවීම් දක්නට ලැබීම ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ දැඩි අවධානයට ලක්වී ඇතැයිද වාර්තාවේ.
ධාවන පථය විවෘත කර වසරක කාලයක් ඉක්මයාමට මත්තෙන් එහි අලූත්වැඩියා කටයුතු සඳහා අවස්ථා කීපයකදීම වසා දැමීමට සිදුවිය. නව ධාවන පථයේ පළමු මලල ක‍්‍රීඩා තරගාවලිය ලෙස 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය වසර 2012 ජූනි 9 සිට 12 වැනිදා දක්වා පැවැත්වුණි.
එයින් පසු නව කෘති‍්‍රම ධාවන පථයේ අලූත්වැඩියා කටයුත්තක් සඳහා සුගතදාස පිටිය වසර 2012 අගෝස්තු 19 වැනිදා සිට සති කීපයක් වසාදැමූ බව වාර්තා විය.
මේ අතර කෘති‍්‍රම ධාවන පථයේ ඉදිකිරීම් භාරව කටයුතු කළ දේශීය නියෝජිත ආයතනයේ බලධාරීන් කැඳවූ ක‍්‍රීඩා ඇමැතිවරයා එහි වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය හා අවවාද කිරීම් කර සිටි බවද වාර්තාවේ.
කෘති‍්‍රම ධාවන පථය වහාම යථා තත්ත්වයට පත් කරන්නේ නම් එම ඉදිකිරීම් වලට සම්බන්ධවූ නියෝජිත ආයතන නුසුදුසු නාමලේඛනයට (බ්ලැක් ලිස්ට්) ඇතුළත් කිරීමට තමා පසුබට නොවන බවටත් ඇමතිවරයා බලධාරීන්ට මෙම හමුවේදී දැනුම්දී තිබේ.
එහිදී සුගතදාස පාලන අධිකාරියේ අනුමැතියකින් තොරව එම ඉදිකිරීම් සඳහා ප‍්‍රතිපාදන නිදහස් කළ බව කියන එහි ප‍්‍රධානියකු ඇමතිවරයාගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ බවත් දැනගන්නට ඇත.
මේ අතර කෘති‍්‍රම ධාවන පථයේ ඉදිකිරීම් හැරෙන්නට ඊට සමගාමීව සිදුකළ ක‍්‍රීඩාංගණයේ තණ තීරුවේ ඉදිකිරීම්හි දැන් පවතින බව කියන අඩුපාඩු කීපයක්ද වහාම සකස් කිරීමට පියවර ගන්නා ලෙසත් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා දේශීය ඉදිකිරීම් නියෝජිත ආයතනයට නියම කර සිටි බවද වාර්තාවේ.
ඒ අනුව එහි බලධාරීන් ක‍්‍රීඩා ඇමැතිවරයාට දැනුම්දී ඇත්තේ විදේශීය නියෝජිත ආයතනය යොදවා කෘති‍්‍රම ධාවන පථයේ දැන් උද්ගතවී තිබෙන බව කියන අඩුපාඩු සකස් කිරීමට පියවර ගන්නා බවත්ය. ඒ සඳහා ඔවුන් සති දෙකක කාලයක් ක‍්‍රීඩාංගණය වසා දැමීමට අවසර ඉල්ලා තිබෙන අතර එම කාලය එක් මාසයක් දක්වා වැඩිකර දීමට එහිදී ඇමැතිවරයා කැමැත්ත පළ කර ඇත.
සුගතදාස පිටියේ කෘත‍්‍රිම ධාවන පථයේ වත්මන් තත්ත්වය පිළිබඳව සුසන්තිකා ජයසිංහ තලවොව් අලයිලිමා වැනි මලල ක‍්‍රීඩා ප‍්‍රවීණයන් පිරිසකගේ අදහස් වලට අවධානය යොමු කිරීමෙන් පසු ඇමැතිවරයා නව තීරණවලට පැමිණි බවද වාර්තාවේ.
නව පථයේ මුළු වියදම බදු සහිතව රුපියල් මිලියන 126 කට මදක් වැඩිවී තිබෙන අතර මේ වන විට මිලියන 109 කට ආසන්න මුදලක් ගෙවා අවසන් කර තිබේ. කෙසේ වුවත් ආපසු ගෙවීම් ඇතුළුව රුපියල් මිලියන 13 ක් පමණ තවත් ගෙවීමට ඉතිරිව තිබෙන නමුත් එම ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමටද ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
කෙසේ වුවත් උද්ගතවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන දේශීය ඉදිකිරීම් නියෝජිත ආයතනය කෘති‍්‍රම ධාවන පථයේ ප‍්‍රමිතිය බාල බවට දක්වන අදහස් ප‍්‍රතික්ෂේප කරයි. නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීමත්, පුහුණු වීම් සඳහා ධාවන පථය අසීමිත ලෙස යොදා ගැනීමත් වත්මන් තත්ත්වයට හේතුවී ඇතැයි පෙන්වාදී තිබේ.
ධාවන පථය පුහුණුවීම් සඳහා ලබාදීම සීමා කළ යුතු බවත් එහිදී මංතීරු කොටසක් වසා තැබිය යුතු බවටත් ඔවුන් යෝජනා කර ඇතැයිද වාර්තා වේ. කෙසේ වුවත් තරඟ සඳහා මෙන්ම පුහුණුවීම් සඳහාද සුදුසු ආකාරයෙන් කෘති‍්‍රම ධාවන පථය සකස් කළ යුතු බවට ඉදිකිරීම් ගිවිසුමේ සඳහන් වන බව මලල ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.