Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සුරංජයත් ඔලිම්පික් දොරටුව අබියස

සුරංජයත් ඔලිම්පික් දොරටුව අබියස

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කසකස්තානයේදී පැවැත්වෙන කසකස්තාන් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 200 ඉසව්වට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර විනෝද් සුරංජය ද සිල්වාට හිමිව තිබේ. තරගාවලිය ජුලි මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


ජුනි මස 25 වැනිදා නිමා වු කසකස්තාන් විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 ඉසව්වට සහභාගි වු සුරංජය, සිය පෞද්ගලික හොඳම තරග කාලය (තත්පර 20.93) වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.


ගුවන් ගමන් ප්‍රමාද වීම නිසා සුරංජය එම තරගාවලියට සහභාගි වී ඇත්තේ දින දෙකක ප්‍රමාදයකින් පසුවය. එබැවින් ඔහුට කසකස්තානයේදී නියමිත පරිදි පුහුණුවීම් කිරීමට පවා නොහැකි වී තිබේ. ඔහු ලෝකඩ පදක්කම දිනා ඇත්තේ එවන් තත්ත්වයක් තිබියදීය.


රියෝ ඔලිම්පික් පරිසාධන මට්ටමට ආසන්න වී සිටින සුරංජිත් ට යළිත් අවස්ථාවක් ලබාදීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගෙන ඇති බැවින් කසකස්තාන් විවෘත තරගාවලිය නිමා වුවද, එරට ජාතික මලල ක්‍රීඩා තරගාවලියටත් සහභාගිවී යළි දිවයිනට පැමිණීමට සුරංජය තීරණය කර තිබේ.


මීටර 200 ඉසව්වේ (පිරිමි) රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ලෙස සටහන් වන්නේ තත්පර 20.50 කි. මේ මස 11 වැනිදාට පෙර නියමිත පරිසාධන මට්ටමට ලඟාවීමට විනෝද් සුරංජය සමත් වුවහොත් ඔහුට රියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

 


අදහස් (0)

සුරංජයත් ඔලිම්පික් දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.