Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අභිනවයෙන් ස්ථාපිත කෙරෙන ‘සුසන්තිකා ජයසිංහ පදනමෙන්’ ඉදිරි වසර පහක කාලයක් ඇතුළතදී ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ. ඒ සඳහා කුරුණෑගල අවටින් භුමියක් ලබාදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රතිඥා දී තිබෙන බව එම පදනමේ සභාපතිනි, ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනී, සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊයේ (28) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.
ක‍්‍රීඩා, වෛද්‍ය, නීති, ව්‍යාපාරික ආදී ක්ෂේත‍්‍රයන්හි විද්වතුන් පිරිසකගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත සුසන්තිකා ජයසිංහ පදනම ලබන ඔක්තෝබර් 7 වැනිදා නිල වශයෙන් ස්ථාපිත කිරීමට නියමිතය.
එම පදනම පිහිටුවීමේ පුරෝගාමීව කටයුතු කරන්නේ ඔලිම්පික් පදක්කමක් හා ලෝක ශූරතා පදක්කම් දෙකක් දිනූ එකම ශී‍්‍ර ලංකා ක‍්‍රීඩිකාව බවට පත්ව සිටින, හිටපු කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියයි.
වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ඇය රිදී පදක්කමක් දිනා ඊයේට වසර 15 ක් සපිරුණි. ඒ නිමිත්තෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සමරු කේක් ගෙඩිය කැපීමද සුසන්තිකා ජයසිංහ මහත්මිය අතින් සිදුකෙරිණි.
සිඞ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා දිනා ගත්තේ ලෝකඩ පදක්කමකි. එහෙත් පසුව ඇයට රිදී පදක්කම ප‍්‍රදානය කෙරුණේ එහි රන් පදක්කම දිනාගත් ඇමරිකානු කී‍්‍රඩිකා මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ගත් චෝදනාවට වැරදිකාරිය වීමෙනි.
සුසන්තිකා පදනම පිහිටුවමින් ශී‍්‍ර ලංකාවේ මලල ක‍්‍රීඩාවට අත හිත දීමට සැරසෙන සුසන්තිකා මීට පෙර ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ උප සභාපතිනියක් ලෙසත් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිනිය ලෙසත් කටයුතු කර තිබේ. ඇය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ක‍්‍රීඩා උපදේශිකාවක් ලෙසත් කටයුතු කළාය.
සුසන්තිකා ජයසිංහ පදනම පිහිටුවීමේ අරමුණ ඊයේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැහැදිළි කළ ඇය සිය ක‍්‍රීඩා දිවියේදී විඳි දුක් පීඩා හා දුෂ්කරතා අනාගත පරපුරට විඳින්නට නොදීමේ දැඩි අදිටනින් යුතුව එය ආරම්භ කරන බව පැවැසීය.
ක‍්‍රිකට් කී‍්‍රඩාව හැරුණු විට, මලල ක‍්‍රීඩාව සහ සෙසු කීඩා ඉසව්වන්හි දුප්පත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අතහිතදීම පදනමේ ප‍්‍රධාන පරමාර්ථය බවද ඇය පැවැසුවාය. වයස 14 න් ඉහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එහිදී සිය ඉලක්කය වන බවත් ඇය පෙන්වා දුන්නාය.
සුසන්තිකා මාධ්‍ය හමුවේදී මෙසේද පැවසුවාය.
”ලංකාවේ ක‍්‍රීඩාවට අද සිදුවී තිබෙන විනාශය පැහැදිළියි”
”මම මීට පෙර ක‍්‍රීඩා ඇමැතිවරු දෙදෙනකු මුණ ගැහිලා අඩු තරමින් මටත්, ශ‍්‍රියානි, දර්ශා, සුගත් වගේ අපි කීප දෙනාටවත් පිටරටකට ගිහින් ක‍්‍රීඩා පරිපාලනය ඉගෙනීමට උදව් කරන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් මේ ඉල්ලීම් ඉටුවුණේ නෑ”
”අඩු තරමින් අපේ හැකියාවෙන් ප‍්‍රයෝජනයක් ගන්නවත් මේ රටේ අයට වුවමනාවක් තිබ්බේ නෑ. ඒ නිසා එහෙම වුවමනාවක් තිබෙන විද්වතුන් පිරිසක් එකතු කරගෙන මේ රටේ ක‍්‍රීඩාවට සේවයක් කරන්න මේ පදනම පිහිටුවා ගත්තා” යයිද සුසන්තිකා පැවසුවාය.
මාධ්‍යවේදීයකුගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් සුසන්තිකා පැවැසුවේ, මලල ක‍්‍රීඩා සංගමයේ උප සභාපතිනියක් ලෙස තමා කටයුතු කළත් එහි වැඩ කළ හැකි වටපිටාවක් තමන්ට නොතිබූ බවයි. උප සභාපතිධුරයේ කටයුතු එදා කළේත් සංගමයේ සභාපතිවරයාගේ වුවමනවාට බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවැසුවාය.
සුසන්තිකා ජයසිංහ පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් ලෙස ශිරාන් ද මැල්, රියන්සි විජේතිලක, බී. එල්. එච්. පෙරේරා, ඒ. වික‍්‍රමනායක, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, මහාචාර්ය සාගර කරුණාතිලක, වෛද්‍ය ටී. තුරෙයිරාජා, ලලිත් ගුණවර්ධන යන මහත්වරු හා ධම්මිකා වනිගසිංහ මහත්මිය කටයුතු කරති.
ඡායාරූප - විකුම් සංජය
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.