Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ මොස්කව් නුවරදී පැවැති 14 වැනි ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ හොඳම ක‍්‍රීඩිකාවන් 12 අතරට තේරුණු නදීකා ලක්මාලිගේ දස්කම් ඇගයීමට මේ දක්වා බලධාරීන් කිසිඳු පියවරක් ගෙන නොමැති බවට ඇය චෝදනා කරන්නීය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී නදීකා පැවසුවේ තම මීළග ඉලක්කය ලබන වසරේ කටාර්හිදී පැවැත්වීමට නියමිත ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලිය බවත් එහිදී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීමේ අපේක්‍ෂාවෙන් ලබන සතියේ සිට පුහුණුවීම් ආරම්භ කරන බවයි.
‘‘මගේ ක‍්‍රීඩාව තනි පුද්ගලයකුගේ ක‍්‍රීඩාවක්, ආසියානු පදක්කමක් සඳහා යන්න නම් මම හොඳ මානසික තත්ත්වයකින් සිටිය යුතුයි. ඒ සඳහා මට සහයෝගය ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා’’
‘‘විවෘත මලල තරගාවලිවල පදක්කම් දිනු ක‍්‍රීඩිකාවන්ට නිවාස පවා ලබාදුන් අවස්ථා තිබෙනවා. ඒවට මම දොස් කියන්නේ නෑ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බලාගන්නවා නම් ඒක හොඳ දෙයක්. මම ලෝකයෙන්ම 12 වැනියා බවට පත්වුණා. මම හිතනවා බලධාරීන් මටත් අවශ්‍ය පහසුකම් ලබා දෙයි කියලා’’ යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා ඉතිහාසයේ මෙවැනි දස්කමක් දැක්වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙස ද නදීකා ඉතිහාසයට එක්වූවාය.
ඔලිම්පික් පදක්කම් ලාභිනි හිටපු ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහගෙන් පසුව ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියකදී අවසන් තරගයට පිවිසි දෙවැනි ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාව වන්නේ ද ඇයයි.
මෙහිදී නදීකා මීටර 58.16 ක් හෙල්ල විසිකළ අතර ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශ්‍රී ලංකා කාන්තා වාර්තාවට ද හිමිකම් කියන නදීකා ඇයගේ ඉහළතම දක්‍ෂතාව වන මීටර 60.64 ක දුරකට හෙල්ල විසිකළේ නම් එම ඉසව්වේ ලෝකයේ හොඳම කී‍්‍රඩිකාවන් අතර 10 වැනි ස්ථානය ඇයට හිමිකරගැනීමේ අවස්ථාව තිබුණි.
බීජින් (2008) සහ ලන්ඩන් (2012) ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නියෝජනය කළ නදීකා ලක්මාලි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරික් ලෙස සේවය කරන්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.