Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේදී මේ මස 17 වැනිදා ආරම්භවන ගෘහස්ත මලල ක‍්‍රීඩා ලෝක ශූරතාවලිය සදහා ශ‍්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූරයා වන සාග් රන් පදක්කම් ලාභී හිමාෂ ඒෂාන් සහභාගිවීමට නියමිතය. හිමාෂ, ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්ව දකුණු ආසියානු වාර්තාවක් ද පිහිටුවමින් ජයගත්තේ තත්පර 10.26 ක කාලයකිනි.
හිමාෂ වාර්තා කළ තත්පර 10.26 ක කාලය සලකා බලා ඔහුට ලෝක ගෘහස්ත මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගිවීමේ දුර්ලභ අවස්ථාව ලබා දීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.
ගෘහස්ත මලල ක‍්‍රීඩා ලෝක ශූරතාවලියේදී හිමාෂ තරග වදින්නේ මීටර 60 ඉසව්වෙනි.
”මේක ලෝක මට්ටමේ තරගාවලියක් උසේන් බෝල්ට්, ටයිසන් ගේ වැනි ලොව වේගවත්ම ක‍්‍රීඩකයන් කරට කර තරග වදින අවස්ථාවක්”
”මේ අවස්ථාව මම අභියෝගයක් කර ගන්නේ නෑ, මේක මට අත්දැකීමක් වෙන්නේ, මගේ අපේක්ෂාව හොදම කාලයක් වාර්තා කිරීමයි. එනිසා මේක මගේ ක‍්‍රීඩා දිවියේ ඉදිරි ගමනට ලොකු අවස්ථාවක් වේවි යැයි” හිමාෂ පැවසීය.
ගෘහස්ත මලල ක‍්‍රීඩා ලෝක ශූරතාවලියට සහභාගිවීම සදහා හිමාෂ මේ මස 15 වැනිදා ඇමරිකාව බලා යෑමට නියමිතය. මෙම තරග සංචාරය ස`දහා ඔහුගේ පුහුණුකරු චමින්ද පෙරේරා මහතාද සහභාගිවෙයි.
අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය 16 වැනි වරටත් සංවිධානය කරන ලෝක ගෘහස්ත මලල ක‍්‍රීඩා ශූරතාවලිය මේ මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා ඇමරිකාවේ පෝර්ට්ලන්ඞ්හිදී පැවැත්වේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.