Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මින් ඉදිරියට ජාතික මහ ක‍්‍රීඩා උළෙල පිට පළාත්වලදීම පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඒ අනුව ලබන වසරේ ජාතික මහ ක‍්‍රීඩා උළෙල කිලිනොච්චියේදී පැවැත්වෙන බවත් නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගනයේදී අද (1) ආරම්භ වූ 39 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අමතමින් කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
උත්සව සභාව අමතමින් ක‍්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරක කාලයක් තුළදී ශ්‍රී ලංකාවේදී අන්තර් ජාතික තරගාවලි 20කට ආසන්න ගණනක් පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුත කළ බවත් වසර 2005 සිට ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 10ක් පමණ රජය වැය කර ඇති බවත්ය.
”වසර 2016 වන විට දිවයිනේ පළාත් ගණනාවකම ප‍්‍රධාන පෙළේ ක‍්‍රීඩාංගන 16ක් හදන්න රජය කටයුතු කරනවා. ක‍්‍රීඩා සංස්කෘතියක් පමණක් නොව නව ක‍්‍රීඩා ආර්ථිකයක්ද රට තුළ ගොඩ නැංවීමට කටයුතු කරනවා” යයිද ඇමැතිවරයා උත්සව සභාව අමතමින් පැවසීය.
ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (1වැනිදා) පස්වරුවේදී පැවැත්වුණි. එම අවස්ථාවට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුළු පළාත් නවයේ ක‍්‍රීඩා ඇමැතිවරු සහභාගි වූහ.
මධ්‍යම පළාතෙන් බිහිවූ ප‍්‍රවීණතම මේසපන්දු ශූරියක් වන දීපිකා රුද්‍රිගු සහ මධ්‍යම පළාතෙන් බිහිවූ හිටපු මැරතන් ශූරයෙකු වන මේජර් ඩබ්.ඒ. ආරියරත්න ක‍්‍රීඩා උළෙලේ පහන දල්වමින් එහි ආරම්භය සංකේතවත් කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.