Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics 2015 දී ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාවට මිලියන 4000 ක්

2015 දී ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාවට මිලියන 4000 ක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව වසරේ රටේ ක‍්‍රීඩා කටයුතු පවත්වාගෙන යාම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 3998.62 ක වැය ශීර්ෂයක් ඉදිරිපත් කර තිබේ. එය ගෙවුණු වසරේදී රුපියල් ඉදරිපත් කරන ලද රුපියල් මිලියන 3496.62 ට සාපේක්‍ෂව වැඩි අගයකි.

එ් අනුව වසර 2015 සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 4000 කට ආසන්න වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේදී මූලධන වියදම් ලෙස රුපියල් 3000 ක් හා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 998 ක් පරිදි දක්වා තිබේ.

එය පසුගිය වසරට වඩා රුපියල් මිලියන 502 ක වැඩිවීමකි. මේ අතර වසර 2015 සඳහා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ක‍්‍රීඩා අමාත්‍යංශයට රුපියල් මිලියන 3000 ක අතිරේක ප‍්‍රතිපාදන වෙන් කර ඇතැයි ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු  සඳහා රුපියල් මිලියන 2250 ක්ද, ක‍්‍රීඩා උපදේශක වරුන් බදවා ගැනීම සඳහා රුපියල් මිලියන 250 ක් හා ක‍්‍රීඩා විද්‍යායතනයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 500 ක්ද පරිදි එම අමතර ප‍්‍රතිපාදන වෙන් කර ඇතැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි.

නව වසරේ ක‍්‍රීඩා අමාත්‍යංශයේ නව වැඩසටහන් 16 ක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

සුගතසදාස ක‍්‍රීඩා සංකිර්ණය සඳහා රුපියල් මිලියන 800 ක වියදමින් තරු තුනේ හෝටලයක් ඉදිකිරීම, සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණය රුපියල් මිලියන 1700 ක වියදමින් නවීකරණය කිරීම, ක‍්‍රීඩා කෞතුකාගාරය විවෘත කිරීම, ක‍්‍රීඩාවෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉහල දැමීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නුවරඑළිය ප‍්‍රදේශයේ ඉහළ උන්තනාංශ ක‍්‍ර්ීඩා සංකිර්ණයක් ඉදිකිරීම, ක‍්‍රීඩා විද්‍යායතනයක් ස්ථාපිත කිරීම, ජාතික ක‍්‍රීඩා දිනයක් (අපේ‍්‍රල් 6) ප‍්‍රකාශයට පත් කිරීම, තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනය පිහිටුවීම, ප‍්‍රාදේශිය කොට්ඨාස මට්ටමින් ක‍්‍රීඩාංගණ ඉදිකිරීම, ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ සේවාව පුළුල් කිරීම, සෑම පාසලකටම ක‍්‍රීඩා පිටියක් ලබාදීම, සිසු සිසුවියන්ට ක‍්‍රීඩාව අනිවාර්ය කිරීම, ක‍්‍රීඩා සම්මාන ප‍්‍රදානෝත්සවයක් පැවැත්වීම, ක‍්‍රීඩාවේ සංවර්ධනයට 3 පී. පී. පී ක‍්‍රමවේදය හඳුන්වාදීම, 2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් එහි ආර්ථික පදනම ශක්තිමත් කිරීම සඳහා ‘ෆියුචර් ස්පෝට්ස්’ සමාගම පිහිටුවීම සහ රාජ්‍ය හා පෞද්ගලික රැකියා හා සේවා ස්ථානවල ව්‍යායාම් මධ්‍යස්ථාන පිහිටුවීම එම වැඩසටහන් මාලාව වන බව ක‍්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ පී. අබේකෝන් මහතා ”ලංකාදීප” කළ විමසුමකදී පැවැසීය.

2015 වසර සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත් කර තිබෙන වියදම් ඇස්තමේන්තුව

  • ඇමැතිවරයාගේ කාර්යාලය සඳහා රුපියල් මිලියන 45.05 යි
  • අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 611.45 යි
  • ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සදහා රුපියල් මිලියන 2787.47 යි
  • සුගතදාස අධිකාරිය සඳහා රුපියල් මිලියන 405.00 යි
  • ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය සඳහා රුපියල් මිලියන 61.03 යි
  • තහනම් උත්තේජක නිවාරණ ආයතනය සඳහා රුපියල් මිලියන 28.00 යි

අදහස් (0)

2015 දී ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාවට මිලියන 4000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.