Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය 2025 වසර සදහා මේ වන විට කෙටුම්පත් කර ඇති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සහභාගිත්ව දින දසුනට අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි 22 කට ශ්‍රී ලංකාව සහභාගිවීම සම්බන්ධයෙන් සැලසුම් සූදානම් කර තිබේ.
එහිදී එළඹෙන වසරට යෙදී තිබෙන ප්‍රධානතම ජාත්‍යන්තර (මලල ක්‍රීඩා) තරගමාලා අතර ඉන්දියාවේ රන්චි නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා (ජ්‍යෙෂ්ඨ) තරගාවලිය, කොරියාවේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය, ජපානයේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලිය, උස්බෙකිස්තානයේදී පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල, පාකිස්තානයේදී පැවැත්වෙන 14 වැනි සාග් ක්‍රීඩා උළෙල ප්‍රමුඛතම වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය 2025 වසරට කෙටුම්පත් කර තිබෙන දේශීය තරගාවලි දින දසුනට අනුව තරගාවලි හතක් ඇතුළත් කර තිබේ.
එහිදී වාර්ෂික ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලිය වන ජාතික මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු 1 සිට 3 වැනිදා දක්වා සුගතදාස පිටියේදී පැවැත්වීමට දින නියම කර තිබේ.2025 වසරට එය යෙදී ඇත්තේ 103 වැනි වතාවටය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසන්නේ පාකිස්තානයේදී 2025 වසරට පැවැත්වෙන බව ප්‍රකාශ වී තිබෙන සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙලට නිර්දේශ කර ගන්නා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් තේරීම් ලෙස එය යොදා ගන්නා බවයි.
ජනවාරි 11 වැනිදා දියගමදී පැවැත්වෙන ජාතික රට හරහා දිවීමේ තරගාවලියෙන් 2025 වසරට දේශීය මලල ක්‍රීඩා තරගාවලි පැවැත්වීම ආරම්භ කරයි.ජාතික ඇවිදීමේ තරගාවලිය පෙබරවාරි 25 වැනිදා කොළඹදීත්, ජාතික මැරතන් තරගාවලිය ජූනි 29 වැනිදා කොළඹදීත් පැවැත්වීමට 2025 දේශීය මලල ක්‍රීඩා තරග දින දසුනට අනුව සැලසුම් කර ඇත.දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය හා රියාද් නුවරදී පැවැත්වෙන ආසියානු යොවුන් (වයස 18 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ තේරීම් තරගාවලි දෙකක් පෙබරවාරි 8 -9 හා මාර්තු 8 - 9 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ.
ගෙවී ගිය 2023 වසරේදී හා මෙම වසරේ (2024) මේ දක්වා සිදු කළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සහභාගිත්වය වඩාත් පළදායි බවක් පෙන්වීය. එහිදී ශ්‍රී ලංකාව එකී කාලය තුළදී සහභාගිවූ ප්‍රමුඛතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි හතකදී රන් පදක්කම් හතක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් 30 ක් දිනා ගැනීමට සමත් විය.
මේ වන විට ජාතික මලල ක්‍රීඩා සංචිතය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආහාරපාන හා නේවාසික පහසුකම් සැපයීම දිගටම සිදු කෙරේ. එහෙත් උසස් දක්ෂතා ප්‍රවර්ධන ජාතික සංචිතය තාවකාළිකව අත්හිටුවා ඇතැයිද වැඩි දුරටත් වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.