Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අන්තර් විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා ශූරතාව සබරගමුවට

අන්තර් විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා ශූරතාව සබරගමුවට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබරගමුව විශ්ව විද්‍යාලයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2017 අන්තර් විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් වූහ.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත අනුශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින්ද, තුන්වැනි ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලය විසින්ද හිමිකරගන්නා ලදී.

නව තරග වාර්තා 10 ක් සහ එක් වාර්තා සම කිරීමක් මෙම තරගාවලියේදී වාර්තා වූ අතර ඊට අමතරව පිරිමි මලල ක්‍රීඩා ශූරතාව ශ්‍රී ජයවර්ධනපුරටද, කාන්තා ශූරතාව සබරගමුවටද හිමිවිය.

ඵිරිමි අංශයේ අනුශූරතාව සහ කාන්තා අංශයේ අනුශූරතාව පිළිවෙළින් සබරගමුව සහ කැලණිය විශ්ව විද්‍යාල විසින් හිමිකරගන්නා ලදී.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රිඩා කමිටුවේ මෙහෙයවීමෙන් අදාළ තරගාවලිය පැවැති අතර තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපරිම දක්ෂතා ලබන අගෝස්තු 19 සිට 30 දක්වා චීන තායිපේ හි පැවැත්වීමට නියමිත 29 වැනි ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා අවධානය යොමුකරන බව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කමිටුවේ ලේකම් පාලිත වීරසිංහ මහතා පවසයි.

 

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා නව තරග වාර්තා
 

  • එන්.එච්.සී.සී. නවසිංහ (සබරගමුව) මීටර 5000 පිරිමි ඉසව්ව මිනිත්තු 15.42
  • ඒ.අයි. නිලවීර (කොළඹ) මීටර 110 පිරිමි කඩුළු ඉසව්ව තත්. 15.06
  • ඕ.ඩී.අයි.එල්.ඒ. කුමාර (ශ්‍රී ජයවර්ධනපුර) මීටර 400 පිරිමි කඩුළු ඉසව්ව තත්. 54.09
  • බී. ලවනන් (පේරාදෙණිය) රිටි පැනීමේ පිරිමි ඉසව්ව මීටර 3. 90
  • ජී.කේ.ඩී.එස්. ප්‍රියන්ත (ශ්‍රී ජයවර්ධනපුර) දුර පැනීමේ පිරිමි ඉසව්ව මීටර 7.54
  • ඔම්.සී.ඕ. වර්ණසූරිය (රුහුණ) යගුලිය පිරිමි ඉසව්ව මීටර 12.82
  • කේ.ඒ.පී. ජයවර්ධන (ශ්‍රී ජයවර්ධනපුර) කවපෙත්ත පිරිමි ඉසව්ව මීටර 40.78
  • ආර්.එච්.එස්. රණසිංහ (ශ්‍රී ජයවර්ධනපුර) හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්ව මිටර 75.20
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 4x100 පිරිමි ඉසව්ව තත්.42.59
  • සබරගමුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල මීටර 4ං100 පිරිමි ඉසව්ව මිනිත්තු 3.23

 


අදහස් (0)

අන්තර් විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා ශූරතාව සබරගමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.