Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අනුරාධ මැරතන් තරගයේ 6 වැනි තැනට

අනුරාධ මැරතන් තරගයේ 6 වැනි තැනට

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ අවසන් මලල ක‍්‍රීඩා තරගය ලෙස ඊයේ (03) පැවැති මැරතන් තරගයේදී ශ‍්‍රී ලංකා මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 6 වැනි ස්ථානයට පත්විය.

අනුරාධ මෙහිදී පැය 2:15.51 කින් තරගය අවසන් කරමින් සිය ඉහළතම කාලය වාර්තා කරමින් ලබන වසරේ චීනයේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. අනුරාධගේ මීට පෙර ඉහළතම තරග නිමි කාලය පැය 2:16.38 ක් ලෙස පැවතුණි.

දකුණු කොරියානු වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වූ කිලෝමීටර 42.195 කින් සමන්විත මැරතන් තරගයේ හරි අඩක් නිමවන විට ක‍්‍රීඩකයන් අට දෙනකු පොකුරක් වශයෙන් ධාවනයේ යොදුණු අතර එහිදී අනුරාධ පැය 1:06.48 ක කාලයක් සටහන් කරමින් පෙරමුණේ පසු විය.

කෙසේ වෙතත් එතැන් සිට ඉදිරියේ පැවැති කිලෝමීටර පහක් පමණ කදු සහිත මාර්ගයේ අනුරාධ පසු පසට තල්ලූ වෙමින් 30 වැනි කිලෝමීටර වන විට 8 වැනි ස්ථානයේ පසුවිය. අනුරාධ නැවතත් තැති තලා මාර්ගයේදී වේගය ලබාගනිමින් 6 වැනියා ලෙස තරගය අවසන් කළේය. පළමු ස්ථානය සහ අනුරාධ අතර විනාඩි 3:13 ක වෙනසක් පැවතුණි.

අනුරාධ තරගයෙන් පසුව පැවසුවේ තමන්ගේ හොදම කාලයට තරගය අවසන් කිරීමට ලැබීම පිළිබ`දව ගොඩක් සතුටු වන බවත් ශ‍්‍රී ලංකා බලධාරීන් තමන් අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවත්ය.

”මම ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරා මට විදේශ පුහුණුවක් ලබා දෙන්න කියලා, එය ඉටු වුණේ නෑ. මම මගේ වියදමින් කෙන්යාවේ පුහුණුවකට සහභාගි වෙලා මේ ක‍්‍රීඩා උළෙලට සහභාගි වුණා. අපිට හොද ක‍්‍රීඩා ඇමතිවරයෙක් වගේම ජනාධිපතිවරයෙක් ඉන්නවා ඒ අය වෙනත් දේවල්වලට වියදම් කරනවා වගේ අපිටත් වියදම් කරනවා නම් මීට වඩා දස්කම් දක්වන්න පුඵවන්”

”ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණ ගෙනාවට වැඩක් නැතැයි සිතුන නිසා මම 2005 වසරේ එංගලන්තයට ගියා. නමුත් නැවත පුහුණුවීම් කරලා 2012 වසරේ දුවන්න පටන් ගත්තා. ඒත් බලධාරීන් මා ගැන බැලූවේ නෑ”

”එංගලන්තයේ ජීවන්ත වෙනවා කිව්වම මට සල්ලි තියෙනවා කියලා හිතනවා ඇති. මම රැුකියාවට එනවිට සහ නිමවී යන විට දුවලා තමයි පුහුණු වෙන්නේ. පැය 8 ක් හිටගෙන වැඩ කරනවා. හරි හැටි නින්දක් නෑ. ලංකාවේ පුහුණුවෙන ක‍්‍රීඩකයන්ට වගේ මට පුහුණුවෙන් පසුව කෑම වගේම විවේකයක් නෑ” යැයි අනුරාධ සිය වේදනා බර ජීවිතය පිළිබදව ප‍්‍රකාශ කළේය.

බහරේනය නියෝජනය කළ කෙන්යානු සම්බවයක් ඇති අලී හසන් පැය 2:12.38 කින් තරගය අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තේය. ජපන් ක‍්‍රීඩකයන් වන මට්සුමුරා කොහි (2:12.39) සහ කවයුචි යුකි (2:12.42) රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ.


අදහස් (0)

අනුරාධ මැරතන් තරගයේ 6 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.