Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු ගෝන් ෆ‍්‍රී ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ආසියානු ගෝන් ෆ‍්‍රී ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේදී ලබන ජුනි 22 වැනිදා ආරම්භ වන ආසියානු ගෝන් ෆ‍්‍රී මලල ක‍්‍රීඩා තරගමාලාව සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය කටයුතු කර තිබේ.

කෙසේ වුවත් ඒ සඳහා සහභාගිවීමට නියමිත මීටර 100X4, මීටර් 400X4 කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් ඉදිරියේදී මාධ්‍ය ලේකම්  ජී.එල්.එස්. පෙරේරා මහතා පවසයි. මේ අතර ලබන මැයි 9-10 යන දිනවල දියගමදී පැවැත්වීමට නියමිත තේරීම් තරගාවලියේදී මෙවර ගෝන් ෆ‍්‍රී මලල ක‍්‍රීඩා තරගාවලියට තේරී සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීිඩිකාවන් ඔවුන්ගේ උපරිම දක්ෂතා සනාථ කළ යුතු බවත් ඔහු පවසයි.

ලබන ජූනි 22 වැනිදා බැංකොක්හිදී ද, 25 වැනිදා පැටුම්නානිිහිදී ද හා 29 වැනිදා වන්නාබුරිහිදී ද මෙවර ආසියානු ගෝන් ෆී තරඟාවලිය පැවැත්වේ.

පසුගිය වසරේ දැක්වූ දක්ෂතා ද සැලකිල්ලට ගනිමින් ආසියානු මලල ක‍්‍රීඩා සංගමයේ නිර්දේශ මත එම සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත් බවද මලල ක‍්‍රීඩා සංගමයේ නිවේදනයක දැක්වේ.

 

ආසියනු ගෝන් ෆී‍්‍ර මලල ක‍්‍රීඩා තරඟ මාලාවට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම

පිරිමි: උදය විරාජ්, අංජන ගුණරත්න (මීටර 400), ඉඳුනිල් හේරත් (මීටර් 800), අමිල ජයසිරි (දුර පැනීම), මංජුල කුමාර විජේසේකර (උස පනීම), ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසි කිරීම).

කාන්තා: එන්.සී.ඞී. ප‍්‍රියදර්ශනී (මීටර් 100), චන්ද්‍රිකා සුභාෂිණි  රස්නායක (මීටර් 400), ඩබ්.කේ.එල්. නිමාලි, හසන්තිකා අබේරත්න (මීටර් 800). 


අදහස් (0)

ආසියානු ගෝන් ෆ‍්‍රී ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.