Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු ගෝන් පී‍්‍ර තරග ජූනි 22 දා සිට

ආසියානු ගෝන් පී‍්‍ර තරග ජූනි 22 දා සිට

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මලල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන ආසියානු ගෝන් පී‍්‍ර තරගාවලිය ජූනි මස 22 වැනිදා සිට 29 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වේ.

එහි පළමු අදියර ජූනි 22 වැනිදා බැංකොක්හිදීද, දෙවැනි අදියර 25 වැනිදා පැතුම්තානිහිදීද, තෙවැනි අදියර 29 වැනිදා චාන්තාබුරිහිදීද පැවැත්වීමට නියමිතය.
 
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වීම සඳහා කී‍්‍රඩකයන් 6 දෙනෙක් සහ කී‍්‍රඩිකාවන් සිව්දෙනෙක් සුදුසුකම් ලබා ඇති අතර පිරිමි 100X4 කණ්ඩායමකට සහ කාන්තා 400X4 කණ්ඩායමකටද තරගාවලියට සහභාගී වීම සඳහා අවස්ථාව හිමිවී තිබේ.

කෙසේ වුවත් තරගාවලියට සහභගී වන පිරිමි 100X4 කණ්ඩායම සහ කාන්තා 400X4 කණ්ඩායම තවමත් දැනුම්දී නැත. මෙම තරගාවලියට සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩාකාවන් තම ඉසව්ව සඳහා මැයි මස 9 සහ 10 යන දිනවල දියගමදී පැවැත්වෙන තේරීම් තරග වලදී උපරිම දක්ෂතා දැක්විය යුතුය.   

 

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම

පිරිමි තරග ඉසව්
මීටර් 400 -     උදය විරාජ් වීරසිංහ
මීටර් 400 -     අංජන ගුණරත්න
මීටර් 800 -     ඉඳුනිල් හේරත්

දුර පැනීම       - අමිල ජයසිරි
උස පැනීම     - මංජුල කුමාර විජේසේකර
හෙල්ල විසිකිරීම -  ලක්ෂාන් දයාරත්න

කාන්තා තරග ඉසව්
මීටර් 100 -     එන්. සී. ඞී. පි‍්‍රයදර්ශනී
මීටර් 400 -     චන්ද්‍රිකා සුභාෂිනී
මීටර් 800 -     ඩබ්ලිව්. කේ. එල්. නිමාලි
මීටර් 800 -     ගයන්තිකා අබේරත්න


-  036


අදහස් (0)

ආසියානු ගෝන් පී‍්‍ර තරග ජූනි 22 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.