Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කටාර්හි පැවති පළමුවන ආසියාතික යොවුන් මළල ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර 400 කඩුලූ පැනීම (බාලිකා) ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් එම්. යමානි දුලාංජලී ශිෂ්‍යාවට රුපියල් 300,000 ක්ද, මීටර් 400 කඩුලූ පැනීම (බාලක) ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් එච්. යූ. කේ. දර්ශන ශිෂ්‍යයාට රුපියල් 200,000 ක්ද, තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් චමල් කුමාරසිරි ශිෂ්‍යයාට රුපියල් 200,000 ක්ද උසපැනීම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් රොෂාන් ධම්මික ශිෂ්‍යයාට රුපියල් 200,000 ක්ද ප‍්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණි. මෙම මුදල් ජාතික කී‍්‍රඩා අරමුදලෙන් නිදහස්කර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තිළිණ කිරීමට කී‍්‍රඩා ඇමතිවරයා තීරණය කර තිබිණ.
එම මුදල් ප‍්‍රදානය කිරීමෙන් පසුව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සමග කී‍්‍රඩා ඇමති නවීන් දිසානායක මහතා ඡායාරූපයකට පෙනී සිටි අයුරු..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.