Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ වුහාන් නුවරදී ලබන බදාදා (3) ආරම්භවන 21 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සතිඅන්තයේදී දිවයිනෙන් පිටත්ව ගියේය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හා නිලධාරිහු 31 දෙදෙනෙක් ඇතුළත්ව සිටිති. එය ක‍්‍රීඩකයන් 16 දෙනකු, කී‍්‍රඩිකාවන් හත් දෙනකු හා නිලධාරීන් අට දෙනකු ඇතුළත්වන පරිදිය.
ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුව විසින් ආසියානු ශූරතාවලිය සඳහා කණ්ඩායම තෝරා ගත් පසුව ඉහළ බලපෑම් මත තවත් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් පස් දෙනෙකු ඇතුළත් කර ගැනීමට ගත් තීරණයට එම කමිටුවේ විරෝධය පළවූ බවද වාර්තාවේ.
එහිදී තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරීන් ඉල්ලා අස්වීමට සැරසී සිටි බවත් මලල කී‍්‍රඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ෂෙහාන් අඹේපිටිය, මොහොමඞ් අෂ්රොෆ්, සී. එස්. සෝමවර්ධන, චමින්ද විජේකෝන් සහ රුමේෂා රත්නායක මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පසුව ඇතුළත් කළ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ වෙති.
හෙල්ල විසි කිරීමේ ශූරී නදීකා ලක්මාලි, මීටර 400 ශූරී චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක, උස පැනීමේ ශූර මංජුල කුමාර, මීටර 800 ශූරී ඩබ්.කේ. නිමාලි හැරෙන්නට ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී පදක්කමක් කෙරෙහි බලාපොරොත්තු වඩාත් අපේක්‍ෂාවෙන් පසුවන තවත් ඉසව්වක් වන්නේ මීටර 400X4 (පිිරිමි) සහය දිවීමය.
පසුගිය ”පුනේ” තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් රිදී පදක්කම් දෙකකට හා ලෝකඩ පදක්කමකට සීමා විය. එහිදී රිදී පදක්කම හෙල්ල විසි කිරීම කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන් දිනා ගත්තේ නදීකා ලක්මාලි හා සචිත් මධුරංගයි.
මීටර 400X4 ශ්‍රී ලංකා කණ්ඩායම එවර සෙසු එකම ලෝකඩ පදක්කම ලැබීය. ශ්‍රී ලංකාව ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියක පළමු රන් පදක්කම දිනා ගත්තේ 1995 ජකර්තා තරගාවලියේදීය. ඒ මීටර 200 කාන්තා ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ විසිනි.
මෙම තරගාවලියේදී මීටර 200 කාන්තා ඉසව්වෙන් තත්පර 22.84 කට (2002 කොළඹ) හා දමයන්ති දර්ශා පිහිටවූ (2000 ජාකර්තා) වාර්තාවත් මීටර 400 කාන්තා ඉසව්වෙන් තත්පර 51.05 කට දමයන්ති දර්ශා පිහිටුවූ වාර්තාවත්, මීටර 400 (පිරිමි) ඉසව්වෙන් සුගත් තිලකරත්න තත්පර 44.61 කට පිහිටුවූ වාර්තාවත් තවමත් නොබිඳී පවතී.
මේ අතර මෙම තරගාවලියට සමගාමීව අනිද්දා (1) පැවැත්වෙන ආසියානු මල ක‍්‍රීඩා සංගමයේ මහ සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා සිකුරාදා රාත‍්‍රීයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි.
කෙසේ වුවත් එම සමුළුව නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කිරීමේ අවස්ථාව හිිමිව ඇත්තේ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු හා එහි හිටපු ලේකම් පේ‍්‍රමා පින්නවල යන මහත්වරුන්ටය.
ඒ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ පැවැති (2015-17) නිලවරණයට පෙර සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිතයන් නම් කිරීම කළ යුතුව තිබූ බැවිනිි. මෙම තරග සංචාරයට ක‍්‍රීඩා අමාත්‍යාංශය අනුග‍්‍රාහය දක්වා තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී වයි.කේ. කුලරත්න මහතා නිරීක්‍ෂකයකු ලෙස මෙම තරග සංචාරයටත සහභාගී වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
පිරිමි කණ්ඩායම :
මංජුල කුමාර - (උස පැනීම), සුරංජය සිල්වා (මීටර 200, මීටර 100X4), සංජය ජයසිංහ (තුන්පිම්ම), ඉඳුනිල් මදුෂාන් හේරත් (මීටර 200), ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසි කිරීම), හිමාෂ ඒෂාන් (මීටර 100, මීටර 100X4), කාලිංග කුමාර (මීටර 400, මීටර 400X4), අංජන ගුණරත්න (මීටර 400X4), දිලිප් රුවන් (මීටර 400X4), චානක ජයසේකර (මීටර 400X4), ධනුෂ්ක කරුණාරත්න (මීටර 400X4), ආර්.කේ.සී.එස්. සෝමවර්ධන (මීටර 1500), චමින්ද විජේකෝන් (මීටර 5000), ඒ.එල්.එම්. අෂ්රෝෆ් (මීටර 100X4), ෂෙහාන් අඹේපිිටිය (මීටර 100X4), ඒ.ආර්.එම්. රාජස්කාන් (මීටර 100X4)
කාන්තා කණ්ඩායම
නදීකා ලක්මාලි (හෙල්ල විසි කිරීම), විදුෂා ලක්ෂානි (තුන්පිම්ම), ඩබ්.කේ. නිමාලි (මීටර 800), ටී.පී.එන්.ඞී. වික‍්‍රමසිංහ (මීටර 400 කඩුලූ), හසන්තිකා අබේරත්න (මීටර 800), ආර්. චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක (මීටර 400)
කළමනාකාරිනි සහ පුහුණුකාරිනි - භද්‍රා ගුණවර්ධන මහත්මිය
පුහුණුකරුවෝ
චමින්ද පෙරේරා, එස්.එන්. අබේසේකර, පිලිප් රංජිත් සහ ප‍්‍රදීප් නිශාන්ත යන මහත්වරු
වෛද්‍ය නිලධාරි
ධම්මික සේනානායක මහතා
සම්භාහකයෝ
නිමල් ජයරත්න හා අනුර රංජන් යන මහත්වරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.