Last Update  :  2025-03-16 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු ප්‍රවීණයන්ගෙන් අයැදුම්පත් කැඳවති

ආසියානු ප්‍රවීණයන්ගෙන් අයැදුම්පත් කැඳවති

editorial - 2023 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නොවැම්බර් මාසයේදි පිලිපීනයේ නිව් ක්ලාක් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබේ. 22 වැනි වරටත් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය නොවැම්බර් මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වා මැනිලා නගරයට තරමක් උතුරින් පිහිටි නිව් ක්ලාක් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ආසියාවේ සියලුම ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, මෙම තරගාවලිය සඳහා ආරාධනා කෙරේ.

මෙම තරගාවලිය සඳහා අයැදුම්පත්, එම්. මුශින් අරීෆ් මහතා, අංක 31, ‘ෆරීනා විලා’ ඉමාමුල් අරූස් මාවත, කොළඹ 10 යන ලිපිනයෙන් ලබාගත හැකිය. නැතහොත් දුරකතන අංක 0777-685924 දුරකතන අංකය ඔස්සේ විමසීම් කළ හැකිය. සියලුම අයැදුම්පත් අගෝස්තු මස 15 වැනිදා පෙර ඉහත ලිපිනයට බාරදිය යුතු බව ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.

- 213


අදහස් (0)

ආසියානු ප්‍රවීණයන්ගෙන් අයැදුම්පත් කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.