Last Update  :  2025-03-31 17:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ආසියානු මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 4 ක්

editorial - 2025 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ ජියැක්ෂින් නුවරදී ඉරිදා (30 වැනිදා) පැවැත්වෙන19 වැනි ආසියානු මැරතන් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා (28) පාන්දර දිවයිනෙන් පිටත්ව ගියේය. මෙහිදී පිරිමි ඉසව්ව සදහා ටී.එන්. රත්නපාල හා කේ.ෂන්මුගේෂ්වරන් ද කාන්තා ඉසව්ව සදහා වත්සලා හේරත් හා නිමේෂා නිදර්ෂනී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදිති. 

ප්‍රවීන මලල ක්‍රිඩා පුහුණුකරු ,ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ ප්‍රධානී සජිත් ජයලාල් මහතා ඔවුන්ගේ පුහුණුකරු ලෙස මෙම තරග සංචාරයට එක්ව සිටියි.

1988 දී නිල වශයෙන් ආරම්භවූ ආසියානු මැරතන් තරගාවලියේ මෙතෙක් පදක්කමක් දිනා ගත් එකම ශ්‍රී ලාංකිකයා වන්නේ වසර 2000 ජපානයේදී පැවැති හත් වැනි තරගාවලියේ රිදී පදක්කම පැය 2 විනාඩි 28 තත්පර 25 කට හිමි ගත් සරත් ප්‍රසන්න ගමගේයි.

ශ්‍රී ලංකාවේ මැරතන් ජාතික (පිරිමි) වාර්තාවට අනුරුද්ධ ඉන්ද්‍රජිත් කුරේද (පැය 2 විනාඩි 13 තත්පර 47 : 2015 - ලන්ඩන්) ජාතික (කාන්තා) වාර්තාවට හිරුණි විජේරත්නද (පැය 2 විනාඩි 34 තත්පර 10 : 2019 - ජර්මනිය) හිමිකම් කියති. 

ශ්‍රී ලංකාව අවසන් වරට පසුගිය දෙසැම්බර්1වැනිදා මැකාවෝහිදී පැවැති ජාත්‍යන්තර මැරතන් තරගයකට සහභාගිවීමට දරූ උත්සහය අසාර්ථක වූයේ වීසා ප්‍රශ්නයක් පැන නැගීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළගාවීමෙන් පසුව ගුවන් තොටුපොළේදීම ආපසු හරවා එවීමෙනි.  ඒ සදහා මැකාවෝ බලා පිටත්ව ගියේ ආසියානු තරග සංචාරයටත් නිර්දේශවී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ටී.එන්. රත්නපාල හා ක්‍රීඩිකා වත්සලා හේරත් සමග පුහුණුකරු සජිත් ජයලාල් මහතාය.


අදහස් (0)

ආසියානු මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.