Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර බෝගම්බර පිටියේදී නිමාවට පත්වූ 37 වැනි සමස්තලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී පළාත් තුනක් අභිබවමින් උතුරු පළාත හය වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම මෙවර තරගාවලියේ කැපී පෙනුණුම සිදුවීමක් විය.
දින පහක් පුරා පැවැති මෙවර තරගාවලියේදී බස්නාහිර පළාත තරගාවලියේ ලකුණු 855ක් ගත් අතර අනුශූරතාව ලකුණු 492ක් රැස් කළ මධ්‍යම පළාතට හිමි විය. මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිවූයේ සබරගමුව පළාතටය. ඒ ලකුණු 304කටය.
මෙවර ඉදිරියට පැමිණි උතුරු පළාත ලකුණු 122ක් රැස්කර ගත් අතර, ඌව පළාත (85.3), උතුරු මැද පළාත (45.5) හා නැගෙනහිර පළාත (40) තරගාවලියේ පිළිවෙළින් 6, 7, 8 හා 9 යන ස්ථාන ලැබූහ. වයඹ පළාත සිව් වැනි ස්ථානයත් (275) හා දකුණු පළාත පස් වැනි ස්ථානයත් (238) තරගාවලියේ ලැබූහ.
මෙවර සමස්ත බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහලත්, සමස්ත බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහලත් හිමිකර ගත්හ. රුපියල් ලක්‍ෂයක් ප්‍රදානය කළ තරගාවලියේ අති ශූර සම්මානය දිනා ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ රිද්මා නිෂාදිය. ඇය දුර පැනීම වයස 19න් පහළ බාලිකා ඉසව්වේ වසර 20ක් පැරණි වාර්තාව බිද හෙලු ක්‍රිඩිකාවයි.
මෙවර තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණු අතර ඊයේ පැවති සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තැපැල් හා මුස්ලිම් කටයුතු ඇමති එම්. හලීම් මහතා සහභාගි විය. විශේෂ ආරාධිත අමුත්තා වූයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) සුනිල් ජයවීර මහතාගේ අධීක්‍ෂණයෙන් මෙවර සංවිධානය වු 37 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලද බෝගම්බර පිටියේ දින පහක් පුරා දැල්වෙමින් තිබූ ගිණිසිළුව නිවීමත් සමග ඊයේ පස්වරුවේදී නිමාවට පත්වූයේ පාසල් තූර්යවාදක සහ සරඹ සංදර්ශන මාලාවක් හමුවේය.
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ (2016) ශූරතාලාභී පාසල්.
● වයස 15න් පහළ:- බාලක ශූරතාව හලාවත් ශාන්ත මේරි (43) අනුශුරතාව - දික්වැල්ල විජිත මැදි (24) බාලිකා:- ශූරතාව- කොළඹ කාන්තා (33) අනුශූරතාව රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර (30)
● වයස 17න් පහළ:- බාලක- ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් (60) අනුශූරතාව- මීගමුව මාරිස්ටෙලා (41), බාලිකා:- ශූරතාව වලල ඒ රත්නායක මැදි (61) අනුශූරතාව- කොළඹ ශාන්ත ජෝශප් බාලිකා (31)
● වයස 19න් පහළ:- බාලක- ශූරතාව මීගමුව මාරිස්ටෙලා (59) අනුශූරතාව- අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ජාතික පාසල (31) බාලිකා- ශූරතාව- වලල ඒ රත්නායක මැදි (67) අනුශූරතාව- අඹගමුව මැදි (47)
● වයස 21න් පහළ:- බාලක- ශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (39) කෑගල්ල ශාන්ත මරියා (37) අනුශූරතාව- රත්නපුරය සීවලී මැදි (23) බාලිකා- ශූරතාව- වලල ඒ රත්නායක මැදි (67) අනුශූරතාව- රත්නපුර සුමන බාලිකා (53)
● වැඩිම ලකුණු ලාභී පාසල් සඳහා ප්‍රදානය කෙරෙන ශූරතා බාලක:- ශූරතාව- මීගමුව මාරිස්ටෙලා (100) අනුශූරතාව කොළඹ ශාන්ත බෙන්ඩික් (93) බාලිකා- ශූරතාව වලල ඒ රත්නායක මැදි (231) අනුශූරතාව- රත්නපුර සුමන (131)
● දක්ෂතම පිටියේ ඉසව් ක්‍රීඩකයා- චමල් කුමාරසිරි
(මීරිගම ඩී.එස්. සේනානායක - තුන්පිම්ම - වයස 19න් පහළ බාලක - (මීටර 15.22) නව තරග වාර්තාවකි)
● දක්ෂතම පිටියේ ඉසව් ක්‍රීඩිකාව - ආර්.එම්.ඩී.අයි. රණසිංහ (ගම්පහ බණ්ඩාරනායක විදුහල - වයස 17න් පහළ හෙල්ල විසිකිරිම - මීටර 66.96 - නව තරග වාර්තාවකි)
තරගාවලියේ අති ශූර සම්මානය - රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල - වයස 19න් පහළ බාලිකා දුර පැනීම - මීටර 5.85 - වසර 20ක් පැරණි වාර්තාව බිඳ දැමීමකි)
● තරගාවලියේ සමස්ත ශූරතාව - බාලිකා - ශූරතාව
වලල ඒ. රත්නායක මැදි (150), අනු ශූරතාවය රත්නපුර සුමන බාලිකා (64), තෙවැනි ස්ථානය - අඹගමුව මැදි (58).
● තරගාවලියේ සමස්ත ශූරතාව - බාලක - ශූරතාව මීගමුව මාරිස්ටෙලා (100), අනු ශූරතාව - කොටහේන ශාන්ත බෙනටික්ට් (87), තෙවැනි ස්ථානය - හලාවත ශාන්ත මරියා (46)
තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා - චමල් කුමාරසිරි
(මීරිගම ඩී.එස්. සේනානායක - වයස 19න් පහළ තුන් පිම්ම මීටර 15.52)
තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩිකාව- හෂිනි ප්‍රබෝධා (වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය - තුන්පිම්ම මීටර 12.66).
|
(ඡායාරූප - ක්‍රිෂාන් ශෂික රණසිංහ) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.