Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නැංජින් ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මධ්‍යම රාත‍්‍රියේ දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය දැන නොසිටි බව එහි සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.
පාලිත ප‍්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය. ‘‘මේ ගැන නිලධාරීන් කීපදෙනකු අපි දැනුවත් කර සිටියා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පාන්දර දිවයිනට ළගාවන බව දැන සිටියේ නෑ. ඒකට හේතුව වුණේ නැංජින් ගිය ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර පිළියෙල කළේ මලල ක‍්‍රීඩා සංගමය නොවන හින්දයි’’
‘‘මෙම සංචාරයේක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර පිළියෙල කළේ ජාතික ඔලිම්පික් කමිටුවයි. මීට පෙර මෙවැනි අවස්ථා කිසිවක් මලල ක‍්‍රීඩා සංගමයට අතපසු වෙලා නෑ. හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩිකා නදීකා ලක්මාලි මොස්කව් ලෝක ශූරතාවලිය අවසන් වෙලා දිවයිනට පැමිණි අවස්ථාවෙත් ඇය පිළිගන්න මලල ක‍්‍රීඩා සංගමයේ බලධාරීන් කටුනායක ගුවන් තොටුපළට ගියා’’
‘‘නැංජින් ගිය මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිලධාරීන් කීපදෙනකුට නැවත ලංකාවට එන වෙලාව දැනුම් දෙන ලෙස මලල ක‍්‍රීඩා සංගමය දැනුම්දීම් කීපයක් කළත් අපට ඒ ගැන තොරතුරු ලැබුණෙ නැති නිසා මෙහෙම දෙයක් වුණු බවයි මා ව්ශ්වාස කරන්නේ’’
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.