Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තවත් අවස්ථාවක්

කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තවත් අවස්ථාවක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැප්තැම්බර් මස අගදී ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා විශේෂ තේරීම් තරගයක් කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. සැප්තැම්බර් 6, 7 සහ 8 දිනවලදී කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියට සමගාමීව මෙම තේරීම් තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියට මෙතෙක් ඉදිරිපත් නොවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ටද මෙම දිනවලදී තේරීම් තරගාවලියට ඇතුළත් විය හැකිය. ඒ සඳහා විශේෂ කාර්යාලයක් ඉහත දිනවල සුගතදාස කී‍්‍රඩාංගණයේදී පවත්වාගෙන යනු ලබන අතර තරග ඉසව් ආරම්භයට පැය 04 කට පෙර අනිල් වීරසිංහ, සම්පත් ජයසේන හෝ මාධව බණ්ඩාර යන මහත්වරුන් හමුවී කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තම අයැදුම්පත් ඉදිරිපත් කළ හැක.

දකුණු ආසියාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය සැප්තැම්බර් මස 28 සහ 29 යන දිනයන්හීදී ඉන්දියාවේ සාංචීහීදී පැවැත්වේ. සැප්තැම්බර් මස 30 වන දිනට වයස අවු. 20 ට අඩු බාලක බාලිකාවන්ට මේ සඳහා සහභාගීවිය හැක.

- 036

 


අදහස් (0)

කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තවත් අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.