Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මලල ක්‍රීඩා කනිෂ්ඨ (වයස 20න් පහළ) ලෝක ශූරතාවලිය අත්හැර දැමීමේ අවදානමෙන් මිදුණු ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩාම කාන්ඩ දෙකකට බෙදී අද (31) උදෑසන සිට කොළොම්බියාව බලා පිටත්වීම ආරම්භ කළ බව වාර්තා වේ. අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළොන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම් පළමු පිරිසට දුර පැනීමේ ක්‍රීඩක හිරූෂ අබේසේකර, කඩුලු පැනීමේ ක්‍රීඩක කවීෂ බණ්ඩාර හා පුහුණුකාරිනියක් හා කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස කටයුතු කරන භද්‍ර ගුණවර්ධන මහත්මිය ඇතුළත් වූහ.
කණ්ඩායමේ ඉතිරි ක්‍රිඩක ක්‍රිඩිකාවන් පස් දෙනෙකු හා ප්‍රධාන පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා හෙට (1 වැනිදා) දිවයිනෙන් පිටත්ව යාමට සූදානම්ව සිටිති.
කොලොම්බියාවේ ‘කේලි’ නුවරදී රටවල් 116කගේ සහභාගිත්වයෙන් 19 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අඟහරුවාදා (2 වැනිදා) සිට අගෝස්තු 7 වැනිදා දක්වා පැවත් වේ. දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන කොළොම්බියාවේ කේලි නගරය එරට දෙවැනි ජනාකීර්ණ විශාලතම නගරයයි.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිර්දේශ වුවත් ඒ සඳහා සහභාගි වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු පමණි. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි නොවීමෙන් දෙදෙනකු සංචාරයෙන් ඉවත් කෙරුණි.
කොළඹ සිට කටාර් හරහා බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර දක්වාත්, එතැන් සිට කේලි නගරය දක්වාත් ඉතා දීර්ඝත ගුවන් ගමනකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ගමනාන්තය කරා ළඟා වේ.
මෙම තරග සංචාරය සම්බන්ධයෙන් සිකුරාදා (29) පස්වරුව වනවිට අර්බුදයක් නිර්මාණය වී තිබුණි. යොදාගත් පරිදි එදින ශ්‍රී ලංකා කණ්ඩායමට දිවයිනෙන් පිටත්ව යාම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අපහසුවක් පැන නැගී තිබිණ. මෙම තත්ත්වය ක්‍රීඩක ක්‍රිඩීකාවන් දැඩි නොසන්සුන් තත්වයකට පත් කළ සිදුවීමක් වූ අතර ඔවුන්ගේ දෙමාපියන් හා විදුහල් බලධාරීන් මාධ්‍ය ඔස්සේ චෝදනා කර සිටියේ මෙම කරන සංචාරය අත්හැර දැමීමට සිදුවන්නේ නම් ඊට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නොසැළකිල්ල හේතු වන බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන්, මේ වන විට බර්මින්හැම් නුවර සිටින ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ දැඩි අවධානය යොමු වූ බවද කියැවේ. ක්‍රීඩා ඇමැතිවරයා මලල ක්‍රීඩා ආයතනය හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා දෝෂාරෝපණයට ලක් කරමින් ප්‍රකාශ කළේ තරග සංචාරය අත්හැර දැමීමට සිදුවන්නේ නම් එහි වගකීම එම පාර්ශ්ව බාරගත යුතු බවයි.
සිකුරාදා රාත්‍රියේ ඇති වූ සිදුවීමෙන් පසුව ගමනාන්ත කීපයකින්ම ශ්‍රී ලංකා කණ්ඩායම කොලොම්බියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම උනන්දු වුවත් ඒ අවස්ථාවේ දී එය ද අසාර්ථක වී තිබේ. තුර්කිය හරහා හෝ ස්පාඤ්ඤය හරහා ශ්‍රීලංකා කණ්ඩායම බ්‍රසීලය කරා රැගෙන යාමට දැරූ උත්සාහයන් තුනක් සිකුරාදා රාත්‍රිය වනවිට අසාර්ථකවී තිබූ බව වාර්තාවේ.
ස්පාඤ්ඤය හරහා යන්නේ නම් එම රටේ ගුවන් තොටුපොළට ඇතුළුවීම සඳහාත් එරටට ඇතුළු වීමේ වීසා ලබා ගැනීමට සිදුව තිබීමෙන් සිකුරාදා වනවිට තත්ත්වය තවත් බැරෑරුම් වී තිබේ.
මලල ක්‍රීඩා ආයතනය පවසන්නේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග අයදුම්පත් යවා අවසන්වීමත් සමග කොලොම්බියාවට සිය වීසා අයැදුම්පත් යොමුකර සිටි බවයි. එහෙත් වීසා නිල වශයෙන් අනුමත වනතුරු ගුවන් ප්‍රවේශ පත්‍ර මගීන්ට වෙන් නොකරන බැවින් එහි දී ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වූ බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායමට අතර මග ගුවන්තොටුපොළක දී සංචාරය අත්හිටුවීමට සිදුවුවහොත් විශාල මුදලක් නාස්තිවීමෙන් ඒ සම්බන්ධයෙන් තමන්ට වගකීම් දැරීමට සිදුවන බව එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
සිකුරාදා රාත්‍රියේ සිට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ කාණ්ඩ 2 කට පිටත්ව යන විට එක් අයකු සඳහා වන ගුවන් ප්‍රෙව්ශපත්‍ර වියදම රුපියල් ලක්ෂ 24ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ.
ශ්‍රී.ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ඊයේ දහවල් කළ විමසුමක දී මෙසේ පැවසීය.
‘‘ අපි ප්‍රශ්නය නිරාකරණය කර ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකකට කොළොම්බියාව බලා ගමන් ආරම්භ කළා. ශ්‍රී ලංකා කණ්ඩායම ‘සවෝෆාලෝ’ හරහා ගමන් ගැනීමේ දී බ්‍රසීලයට ඇතුළුවීමේ විසා පැය කිහිපයක් තුළදී ලබා ගන්නත් අපි කටයුතු කළා “
“හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන හරීන් ප්‍රනාන්දු මහතාත් එතන දී මලල ක්‍රීඩා ආයතනයට උදව් කළා. සමහරු කලබල වුණාම අපි කලබල නොවුණු හින්දා ප්‍රශ්නය විසඳා ගත්තා.“ යයි ද මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.
‘‘ අපි ප්‍රශ්නය නිරාකරණය කර ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකකට කොළොම්බියාව බලා ගමන් ආරම්භ කළා. ශ්‍රී ලංකා කණ්ඩායම ‘සාවෝෆාලෝ’ හරහා ගමන් ගැනීමේ දී බ්‍රසීලයට ඇතුළුවීමේ විසා පැය කිහිපයක් තුළදී ලබා ගන්නත් අපි කටයුතු කළා.
හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙක් වන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාත් එතන දී මලල ක්‍රීඩා ආයතනයට උදව් කළා. සමහරු කලබල වුණාම අපි කලබල නොවුණු හින්දා ප්‍රශ්නය විසඳා ගත්තා.
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට නොපැමිණීමෙන් මෙම තරග සංචාරයෙන් ඉවත් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ මීටර් 400 (පිරිමි) ඉසව්වට තරග වදින කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ සිතුම් ජයසුන්දර හා මීටර් 400 ක්‍රීඩිකා ගම්පහ සිරි කුරුස බාලිකා විදුහලේ එම්.එච්.එම්. උත්තරාය.
කොළොම්බියාවේදී පැවැත්වෙන 19 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම.
බාලක – කවීෂ බණ්ඩාර (කොළඹ රාජකීය විදුහල – මීටර් 110 – කඩුලු), කේ.ඩී.එම්. දර්ශන (අඹගමුව මහ විදුහල – මීටර් 400 කඩුලු), හිරුෂ අබේසේකර (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල දුර පැනීම), පසිඳු මල්ෂාන් (මරදාන ශාන්ත ජෝශප් විදුහල – තුන් පිම්ම), රුමේෂ් තරංග (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල – හෙල්ල විසිකිරීම),
බාලිකා - තරුෂි කරුණාරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල – මීටර් 400 – මීටර් 800), අමේෂා හෙට්ටිආරච්චි (මහනුවර විහාර මහාදේවි බාලිකා විදුහල – මීටර් 400 – කඩුලු)
කණ්ඩායම් ප්‍රධානී හා පුහුණුකරු - සුසන්ත ප්‍රනාන්දු මහතා, ක්‍රීඩාවන් භාර නිලධාරිනී හා පුහුණුකාරිණී භද්‍රා ගුණවර්ධන මහත්මිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.