Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
2025 වසරට නියමිත 49 වැනි ජාතික මහ ක්‍රීඩා උලෙළේ රට හරහා දිවීමේ ( කාන්තා - පිරිමි) තරගාවලිය අද (15 වැනිදා) පෙරවරු 8.30 සිට නුවරඑළිය නගරයේ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආශ්‍රිතව සකස් කළ මාර්ගයකදී පැවැත්වේ. ඒ කාන්තා ඉසව්වේ ආරම්භයෙනි.
මෙහි පිරිමි ඉසව්ව අද පෙරවරු 9.30 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දිවයිනේ සියළු පළාත් නියෝජනය කරමින් මෙවර තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන ආසන්න වශයෙන් 300 දෙනෙකි.
මෙවරත් ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලිය ඇතුළුව මැරතන්, ඇවිදීමේ හා පාපැදි යන ඉසව් සදහාද අනුග්‍රාහය දැක්වීමට නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ නෙස්ලේ ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි.
කිලෝමීටර 10 ක දුරකින් සමන්විත ජාතික මහ ක්‍රීඩා රට හරහා දිවීමේ කාන්තා හා පිරිමි ඉසව් දෙකේම 10 වැනි ස්ථානය තෙක් මුදල් ත්‍යාග හා නෙස්ලේ නිශ්පාදන අඩංගු ත්‍යාග පාර්සල් ප්‍රදානය කෙරේ. එහිදී කාන්තා හා පිරිමි ඉසව් දෙකේම රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් 50000, 40000, 30000 බැගින් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම වසරට නියමිත 49 වැනි ජාතික මහ ක්‍රීඩා උලෙළේ පළමු ක්‍රීඩා ඉසව්ව ලෙස අද නුවරඑළියේදී මෙම රට හරහා දිවීමේ තරගාවලිය සංවිධානය කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශය සිය රේඛීය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණයෙන් මෙම වසරට නියමිත ජාතික මහ ක්‍රීඩා උලෙළ අදියර හතරකින් පවත්වා අවසන් කිරීමට මේ වන විට සැළසුම් සකස් කර තිබේ.
අද පැවැත්වෙන රට හරහා දිවීමේ තරගාවලිය සදහා නොබෝදා ඉස්ලාමාබාද් නුවරදී නිමාවට පත්වූ දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත් වැක්ෂාන් වික්නරාජ් හා එහි කණිෂ්ඨ (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගත් සිවගරන් තුඩිහශරීන්දන් ඇතුළු මෙරට නම ගිය රට හරහා දිවීමේ ශූරයන් හා ශූරියන් පිරිසක්ද සහභාගි වෙති.
දකුණු ආසියානු රට හරහා දිවීමේ පිරිමි ඉසව්ව ජය ගත් වැක්ෂාන් ගිය වර (2024) තරගාවලියේ දෙවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩකයායි. බස්නාහිර පළාතේ ආර්.එම්.එස්. පුෂ්පකුමාර හා මධ්‍යම පළාතේ එච්.එම්.සී.එස්. හේරත් ගිය වර නුවරඑළියේදීම පැවැති ජාතික මහ ක්‍රීඩා උලෙළේ පිරිමි හා කාන්තා ඉසව්හි රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.