Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කාලිංග යුපුන්ගේ ළගටම එයි

කාලිංග යුපුන්ගේ ළගටම එයි

editorial - 2024 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස  පිටියේදී  පැවැත්වෙන 48 වැනි ජාතික  මහ මලල  ක්‍රීඩා  තරගාවලියේදී මීටර් 200  (පිරිමි) ඉසව්වේ නව තරග වාර්තාව පිහිටුවීමට කාලිංග කුමාරගේ   (බස්නාහිර) සමත් විය. ඔහු හා තියුණු  තරගයකින් පසුව අරුණ දර්ශන (මධ්‍යම) ඉසව්වේ  පැරණි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වීය.

එහිදී  දෙදෙනාගේ තරග නිමි කාලයන් තත්පර  20.71 හා  20.77 ක් ලෙස  සටහන් වූහ. මෙය  2015 දී දකුණු  පළාතේ  එම්. වී. සුරංජය විසින් ඉසව්වේ  ඊයේ වන තෙක්  හිමි කර ගෙන තිබූ පැරණි වාර්තාව (තත්පර 21.02) බිද දැමීමකි. මිටර්  200  (පිරිමි) ඉසව්වේ  ශ්‍රී  ලංකා වාර්තාව තව දුරටත් සතු වන්නේ  යුපුන් අබේකෝන්ටය. ඒ  2022 දී තත්පර  20.37 කටය.

එහිදී  ශ්‍රී  ලංකා වාර්තාවට වඩාත්ම කිට්ටු කරමින් දක්ෂතා දැක්වීමට කාලිංග කුමාරගේ  සමත්ව සිටීම කැපී පෙනේ.ඊයේ ඉසව්වේ රිදී පදක්කම  ලද  අරුණ දර්ශන  ලබන සිකුරාදා  (26) පැරීසියේදී  ආරම්භ වන ඔලිම්පික්  උළෙල  සදහා  මීටර් 400 ( පිරිම්) ඉසව්වෙන්  නිර්දේශ  ලබා සිටියි

 

මේ අතර උතුරු  පළාතේ  ඒ. ප්‍රවින්තරන් මිටර්  5.11 කට රිටි පැනීම (පිරිමි) ඉසව්වෙන්  නව වාර්තාවක්   පිහිටුවූයේ එහි  කලින් හිමිකරුවා වූ බස්නාහිර  පළාතේ එම්. එච්. අයි. සදරුවන් ( මීටර් 5.10)  ඊයේ ඉසව්වේ  දෙවැනි තැනට ඇද (මීටර්  5.00) දමමිණි. 2023 වසරේ සිට ඉසව්වේ  ශ්‍රී  ලංකා වාර්තාව සතු වන්නේද  ඊයේ  ඉසව්වේ රන් පදක්කම  දිනා ගත්  (මීටර් 5.17) ප්‍රවීන්තරන්ටය.

මීටර්  400 - කඩුලු (පිරිමි) ඉසව්වේ  ඊයේ  රන් පදක්කම දිනාගත් අයෝමාල් අකලංකගේ  (මධ්‍යම පළාත) ජයග්‍රහණය  කැපී  පෙනෙන්නේ  ඔහුගේ  තත්පර 51.3 ක් වන එහි තරග නිමි කාලය ඉසව්වේ වයස 20 න් පහළ කාන්ඩයේ නව ශ්‍රී  ලංකා වාර්තාව ලෙසද ඊයේ සිට පිළිගැ​ෙණන බැවිනි.

ඒ අතරම පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  මීටර්  800  ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙම  ක්‍රීඩා  තරගාවලියේදී  මීටර්  400 ( කාන්තා) ඉසව්වට තරග වැදීමට ගෙන තිබෙන  තීරණයට අනුව ඊයේ එහි මූලික තරග වටයට සහභාගි වූවාය. එහිදී තත්පර 54.5 ක කාලයක් වාර්තා කරමින් අද(19) පැවැත්වෙන  එහි අවසන් පූර්ව  වටයට නිර්දේශ  ලබා ගත්තාය. සෙන්ටිමීටර පහක් පමණක් අඩුවීමෙන් මෙවර පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  මග හැරී ගිය (මීටර් 85.45) හෙල්ල  විසිකිරීමේ  ක්‍ර්‍රීඩක රුමේෂ්  තරංග (බස්නාහිර) ඊයේ ඉසව්වේ  රන් පදක්කම මීටර් 77.21 කට දිනා ගත්තේය.

ඒ 48 වැනි ජාතික  මහ මලල  ක්‍රීඩා තරගාවලිය අද (19) නිමාවට පත්වේ.


අදහස් (0)

කාලිංග යුපුන්ගේ ළගටම එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.