Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කියන්න දෙයක් නෑ - අරුණ
පැරිස් ඔලිම්පික් - 2024

කියන්න දෙයක් නෑ - අරුණ

editorial - 2024 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

පැරිස් ඔලිම්පික් මීටර් 400 (පිරිමි) අවසන් පූර්ව  වටයේදී තත්පර  44.75 ක මෙතෙක්  ඉසව්වේ  සිය හොදම දක්ෂතාවය දැක්වූවත් මංතීරු  පැනීමේ චෝදනාවට තරගයෙන් ඉවත් කළ ශ්‍රී  ලංකා ක්‍රීඩක අරුණ  දර්ශන  පැවැසුවේ ඒ පිළිබදව කණස්සල්ලට පත්වීමෙන් පළක් නොමැති බවයි.

”ඒක අවාසනාවට සිද්ධ වුණු දෙයක්. ඒ ගැන කතා කිරීමෙන් දැන් පළක් නෑ.”අරුණ පැරිස් නුවරදී පැවැසීය.මෙම වරදට හසු නොවන්නට අරුණ ඊයේ (6) රාත්‍රීයේදී  පළ කළ එම දස්කම 2025 ටෝකියෝ  ලෝක මලල  ක්‍රීඩා ශූරතාවලියට ඉසව්වෙන් ඔහුට නිර්දේශ  ලබා ගැනීමට  ප්‍රමාණවත් විය.   

කෙසේවූවත් එම ඉලක්කය සපුරා ගැනීම සදහා තම යුරෝපයේ  තරගාවලි කීපයකට සභභාගි වීමට සැළසුම් කර ඇතැයි ඔහුගේ පුහුණුකරු අසංක රාජකරුණා මහතා පවසයි.මීටර් 400 (පිරිමි) ඉසව්වෙන් ඔලිම්පික් අවසන් පූර්ව  වටයට නිර්දේශ  ලැබූ පළමු ශ්‍රී  ලංකා ක්‍රීඩකයා වන අරුණ දර්ශන එහි මූලික තරගයේදී තත්පර 44.99 ක දක්ෂතාවයක් පළ කරමින් එම අවස්ථාව උදා කර ගත්තේය. 

මෙම ඉසව්වේ ශ්‍රී ලාංකිකයෙකුගේ හොදම දක්ෂතාවය 1998 බැංකොක් නුවරදී සුගත් තිලකරත්න පළ කළ තත්පර 44.61 ක දක්ෂතාවයයි.එය මේ දක්වා පවතින මීටර් 400 (පිරිමි) ඉසව්වේ ශ්‍රී  ලංකා වාර්තාවද වේ.


අදහස් (0)

කියන්න දෙයක් නෑ - අරුණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.