Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කී‍්‍රඩා නිලධාරි තනතුරේ වැටුප් වැඩිවෙයි

කී‍්‍රඩා නිලධාරි තනතුරේ වැටුප් වැඩිවෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා නිලධාරි තනතුරේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍යාංශය පවසයි. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්  සේවය කරන කී‍්‍රඩා නිලධාරීන් 332කගේ හා කී‍්‍රඩා අමාත්‍යාංශයට අනුයුක්තව සිටින කී‍්‍රඩා නිලධාරීන් 40කගේ පමණ එහිදී වැටුප් වැඩි වන බව කී‍්‍රඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

කී‍්‍රඩා නිලධාරි තනතුරේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් කී‍්‍රඩා නිලධාරීන් මීට පෙර පැවැති ජාතික මහා කී‍්‍රඩා උළෙල කීපයකදී විරෝධතා දැක්වීමට උත්සාහ ගෙන තිබුණි.

කෙසේ  වුවත් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව හා රාජ්‍ය කළමනාකරණ හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කී‍්‍රඩා නිලධාරි තනතුරේ වැටුප් ඉහළ දැමීමට එකඟවී සිටින බවත්  වාර්තා වේ.

39 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මෙතෙක් පදක්කම් සටහන

 පළාත රන්  රිදී ලෝකඩ
බස්නාහිර 68 47 47
මධ්‍යම 34 16 31
දකුණ 17 34 28
වයඹ 16 18 20
උතුරු මැද 14 22 29
සබරගමුව 8 14 26
ඌව 3 8 20
නැගෙනහිර 2 3 6
උතුර 0 1 7

අදහස් (0)

කී‍්‍රඩා නිලධාරි තනතුරේ වැටුප් වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.