Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කී‍්‍රඩා සංගම් 9 ක් විශේෂ සාකච්ඡවක

කී‍්‍රඩා සංගම් 9 ක් විශේෂ සාකච්ඡවක

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් නවයක නියෝජිතයන් ඉකුත්දා වෙනමම රැස්වීමක් කැඳවා එහි වත්මන් අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡවක් පැවැත් වූ බව වාර්තාවේ.

බත්තරමුල්ල කොස්වත්තේ දී මෙම රැස්වීම පවත්වා ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු වන විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ජාතික ඔලිම්පික් කමිටුව හා ක‍්‍රීඩා අමාත්‍යාංශය අතර ජාතික ක‍්‍රීඩා පනත සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටලූකාරී තත්ත්වය සාකච්ඡුා කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන ලෙස එහි සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් 20ක් කළ ඉල්ලීම නොසලකා හැරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡුා වුණු බව වාර්තාවේ.

ඒ අනුව එම අවස්ථාව ලබා නොදීම ගැන අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට පැමිණිලි කිරීමට සාකච්ඡුාවට සහභාගි වූ ජාතික ක‍්‍රීඩා සංගම් නියෝජිතයන් තීරණය කළ බවත් වාර්තා වේ.

කෙසේ වුවත් කොස්වත්තේ දී පැවැති එම සාකච්ඡුාවට සහභාගිවී ඇත්තේ ජාතික ක‍්‍රීඩා සංගම් නවයක් පමණි.

දුන්නෙන් විදීමේ සංගමය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ජූඩෝ සංගමය, ශ්‍රී ලංකා අසුන් පිට යාමේ ක‍්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට අයත් නියෝජිතයෝ ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට සහභාගි වූහ.

මේ අතර සාකච්ඡුාවට සහභාගිවී සිටි ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානියකු පවසා ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව සිය ඉල්ලීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවයි.

ඊට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධානින්ට එන්තරවාසියක් යැවිය යුතු බවට ද ඔහු යෝජනා කර ඇතැයි වාර්තා වේ. මෙම යෝජනාව ඉදිරිපත් කළ ජාතික ක‍්‍රීඩා සංගමයේ ප‍්‍රධානියා ජාතික ඔලිම්පික් කමිටුවේ වසර ගණනාවක්ම ඉහළ තනතුරක් දැරූ අයකු බව ද සඳහන් වේ.

කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ වත්මන් අර්බුදය පිළිබඳව සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් දැනුවත් කර තිබෙන බැවින් එවැනි විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.

දෙසැම්බර් 9 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් 20ක් වත්මන් අර්බුදය ගැන සාකච්ඡ කිරීමට විශේෂ මහ සභා රැස්වීමක් ඉල්ලා ලිපියක් යොමු කර තිබුණි.

එහි කියැවුණේ සිය ඉල්ලීම ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවේ IV කොටසේ අංක 13.8 ‍ෙඡ්දයට අනුකූලව ඉදිරිපත් කර තිබෙන බවත් එම ඉල්ලීම කර මාසයක කාලයක් ඇතුළත විශේෂ මහ සභාව කැඳවිය යුතු බවත්ය.

සිය රැස්වීමට ජාතික ක‍්‍රීඩා සංගම් නවයක් පමණක් සහභාගි වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික තවත් ජාතික ක‍්‍රීඩා සංගම් ගණනාවක්ම ඊට සහයෝගය පළ කිරීම් දැනුම් දී තිබූ බවත්ය.


අදහස් (0)

කී‍්‍රඩා සංගම් 9 ක් විශේෂ සාකච්ඡවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.