Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගයන්තිකා - නිමාලි දෙවැනි වටයට

ගයන්තිකා - නිමාලි දෙවැනි වටයට

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ වුහාන්හිදී පැවැත්වෙන 21 වැනි ආසියානු කී‍්‍රඩා ශූරතාවලියේ සිවුවැනි දිනය වූ අද (6 වැනිදා) පැවැති කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරගවලදී දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ගයන්තිකා අබේරත්න සහ ඩබ්ලිව්. කේ. නිමාලි සමත් වූහ.

මූලික වටයේදී විනාඩි 2 :06.51 කින් තරගය අවසන් කරමින් ගයන්තිකා අබේරත්න දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර ඩබ්ලිව්. කේ. නිමාලි දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී විනාඩි 2:10.71 කින් තරගය අවසන් කරමිනි.

එම ඉසව්වේ මූලික වටයට සහභාගී වූ තරගකාරියන් එහිදී වාර්තා කළ කාලයන් අනුව ගයන්තිකා අබේරත්න දෙවැනි ස්ථානයටත්, ඩබ්ලිව්. කේ. නිමාලි 6 වැනි ස්ථානයටත් පත්ව සිටිති.  

පිරිමි මීටර් 800 ඉසව්වේ මූලික වටයට සහභාගී වූ ඉඳුනිල් මධූෂ විනාඩි 1:50.88 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර කාලය අනුව ඔහු දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් කී‍්‍රඩකයන් අතර 5 වැනි ස්ථානයේ පසුවෙයි.

තත්ත්පර 21.56 කින් තමන් සහභාගී වූ මීටර් 200 ඉසව්වේ මූලික වටයේ තරගය නිමා කළ විනෝජ් මුතුමුණිද එහි දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර තරග නිමි කාලය අනුව ඔහු එහි 19 වැනි ස්ථානයේ පසුවෙයි.


- 036


අදහස් (0)

ගයන්තිකා - නිමාලි දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.