Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගයන්තිකාට තවත් රන් පදක්කමක්

ගයන්තිකාට තවත් රන් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (7) පැවැති මීටර 800 ඉසව්වේ (කාන්තා) රන් පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වුවාය. ගයන්තිකා මෙම තරගාවලියේදී දිනාගත් දෙවැනි රන් පදක්කම මෙය වන අතර ඇය සඳුදා (4) මීටර 1500 කාන්තා ඉසව්වේ ද රන් පදක්කම දිනාගත්තාය.

ගයන්තිකා මීටර 800 ඉසව්ව විනාඩි 2. තත්පර 05.86 ක කාලයකින් අවසන් කර මෙම දස්කම දැක්වුවාය. තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, රන් පදක්කම් හතරක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්ව සිටිති.

 


අදහස් (0)

ගයන්තිකාට තවත් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.