Last Update  :  2025-02-05 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගාලු දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව අම්බලන්ගොඩට

ගාලු දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව අම්බලන්ගොඩට

editorial - 2024 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ජාතික මහා ක්‍රීඩා උළෙළ වෙනුවෙන් දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන ගාලු දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් දිනා ගන්නා ලදි.

දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා සකුන්තලා මධුවන්ති මහත්මියගේ මෙහෙයවීමෙන් බද්දේගම ගාලු දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගාවලිය සදහා  ගාලු දිසාවේ ප්‍රා​දේශීය ලේකම් කොට්ඨාස 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 පමණ සහභාගි වී සිටියහ.

තරගාවලියේදී  ලකුණු 220 ක් ලබාගත් අම්බලන්ගොඩ ප්‍රා​දේශීය ලේකම් කොට්ඨාසය විසින් සමස්ත ශූරතාව දිනාගන්නා ලදි. ලකුණු 205ක් ලබාගත් රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනු ශූරතාව හිමිවිය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයේෂ් මිහිරංග ද,  දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ ප්‍රා​දේශීය ලේකම් කොට්ඨාසයේ මලීෂා මනෝහරී සම්මාන දිනා ගත්හ.

තරගාවලියේ දෙවැනි පෙළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සචීන් සමල්ක ද, දෙවැනි පෙළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හසරැලි හිමල්ෂි සම්මාන දිනා ගත්හ.

පිරිමි මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් දිනාගන්නා ලද අතර, කාන්තා මලල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හිමිවිය.

 

සමස්ත ශූරතාව දිනූ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු පළාත් නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ සරත් කුමාර , ගාලු දිස්ත්‍රික් ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු රාජ් නිරෝෂණ, අම්බලන්ගොඩ ක්‍රීඩා නිලධාරී රංග කුමාර යන මහත්වරු සමග


අදහස් (0)

ගාලු දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව අම්බලන්ගොඩට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.