Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගුවන් ප්‍රවේශපත්‍ වියදම කෝටි එක හමාරයි

ගුවන් ප්‍රවේශපත්‍ වියදම කෝටි එක හමාරයි

editorial - 2022 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
(නාමල් පතිරගේ)

ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් (මිලියන 15 ක්) වැය කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් කොලොන්බියාවේදී ලබන අගෝස්තු 2 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වෙන 19 වැනි ලෝක ශූරතා කනිෂ්ඨ (වයස 20 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා සිටියි.

ක්‍රීඩකයන් පස්දෙනකු, ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හා පුහුණුකරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමන්විතය.

කෙසේ වුවත් මෙම සංචාරය සඳහා නිර්දේශ වී සිටියත් ශාරීරික අවසන් යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී නොවූ බව කියන ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාවක් ඉන් ඉවත් කර තිබේ.

මෙසේ ඉවත් කළ අය වන්නේ මීටර 400 ක්‍රීඩක සිතුම් ජයසුන්දර හා මීටර් 400 ක්‍රීඩිකා එම්.එච්.එම්. උත්තරාය. සිතුම් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ සිසුවෙකි. උත්තරා ගම්පහ සිරිකුරුස විදුහලේ සිසුවියකි.

මෙවර පළමු වතාවට දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාවේදී තරගාවලිය පැවැත්වීමේදී ඒ සඳහා තෝරාගත් සත්කාරක නගරය වන්නේ එහි නිරිතදිගට වන්නට පිහිටි ජනාකීර්ණම නගරය ලෙස සළකන කේලි (Cali) නගරයයි. එය කොළොම්බියාවේ දෙවැනි විශාලතම නගරයද වේ.

දින දෙකකට ආසන්න කාලයක් කොළඹ සිට කේලි නගරයට ගුවනෙන් යාමට ගතවේ. එහිදී ඒ සඳහා සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට වැය වන අතිවිශාල ගුවන් ප්‍රවේශපත්‍ර වියදම දැරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නියමයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටියි.

ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියකට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු නිර්දේශ වූ පළමු අවස්ථාව මෙයයි. කෙසේවුවත් අවසන් වරට වසර 2021 දී පැවැති 2020 ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ.

රටවල් 116 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට ආසන්න පිරිසක් මෙවර ‘කේලි’ තරගාවලියට සහභාගිවීමට නියමිතය ‘ලෝක ශූරතා මලල ක්‍රීඩා’ තරගාවලියේදී මෙතෙක් ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගැනීමට සමත්ව නැත.
මීටර් 400 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න හා දුරපැනීමේ ක්‍රීඩක හිරූෂ අබේසේකර දස්කම් අතින් වඩාත් කැපී පෙනෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන ශ්‍රීලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකි


කොළොම්බියාවේදී පැවැත්වෙන 19 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම.

බාලක – කවීෂ බණ්ඩාර (කොළඹ රාජකීය විදුහල – මීටර් 110 – කඩුලු), කේ.ඩී.එම්. දර්ශන (අඹගමුව මහ විදුහල – මීටර් 400 කඩුලු), හිරූෂ අබේසේකර (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල - දුර පැනීම), පසිඳු මල්ෂාන් (මරදාන ශාන්ත ජෝශප් විදුහල – තුන් පිම්ම), රුමේෂ් තරංග (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල – හෙල්ල විසිකිරීම),

බාලිකා - තරුෂි කරුණාරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල – මීටර් 400 – මීටර් 800), අමේෂා  හෙට්ටිආරච්චි (මහනුවර විහාර මහාදේවි බාලිකා විදුහල – මීටර් 400 – කඩුලු)

කණ්ඩායම් ප්‍රධානී හා පුහුණුකරු - සුසන්ත ප්‍රනාන්දු මහතා,
ක්‍රීඩිකාවන් භාර නිලධාරිනී හා පුහුණුකාරිණී භද්‍රා ගුණවර්ධන මහත්මිය.


අදහස් (0)

ගුවන් ප්‍රවේශපත්‍ වියදම කෝටි එක හමාරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.