Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ චින්තන විදානගේ එම ඉසව්වේ 9 වැනි ස්ථානයට පත්විය. එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 127 ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 155 ක්ද සමගින් චින්තන එසවූ මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 282 කි.
චින්තන 2006 වසරේ මෙල්බර්න් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේදී කිලෝ ග්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම සහ 2010 වසරේ දිල්ලියේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේදී කිලෝ ග්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනාදුන් ක්‍රීඩකයාය.
එසේ වුවත් නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම මෙවර දිනාගැනීමට එංගලන්තයේ ක්‍රිස් මරේ සමත් වූයේය. එහිදී ඔහු එසවූ මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 325 කි. ඕස්ට්‍රේලියාවේ කයිල් බෘස් කිලෝ ග්‍රෑම් 323 ක් ඔසවමින් රිදී පදක්කමටද, කැනඩාවේ නිකලස් වේචන් කිලෝ ග්‍රෑම් 320 ක් ඔසවමින් ලෝකඩ පදක්කමටද හිමිකම් කීහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.