Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ නැංජින් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රිදී පදක්කම දිනා දීමට අඛිල රවිශංක සමත් විය. ඔහු එම රිදී පදක්කම දිනා ගත්තේ මීටර 110 කඩුලූ පැන දිවීමේ තරගය දෙවැනියා ලෙසින් අවසන් කරමිනි.
තරගය නිමා කිරීම සඳහා ඔහුට ගතවූ කාලය තත්පර 13.99 කි. එය ඔහුගේ හොඳම පෞද්ගලික කාලයද වේ. අඛිල රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
තත්පර 13.36 කින් තරගය නිමා කළ ජපානයේ ටී. පෝරයා එහි රන් පදක්කම දිනා ගත්තේය.
මෙම කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම දිනාගත් තුන්වැනි පදක්කම මෙයයි. මෙම රිදී පදක්කමට අමතරව මේ වන විට ස්කොෂ් සහ මීටර් 400 තරග වලදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.