Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට 1200 ක් එති

ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට 1200 ක් එති

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුගතදාස කී‍්‍රඩාංගණයේදී අනිද්දා (16) ආරම්භ වන 91 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් අයදුම්පත් 1220 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයිද එය මෙතෙක් ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියකට ඉදිරිපත් වූ වැඩිම අයැදුම්පත් සංඛ්‍යාව යැයිද ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය පවසයි.

මෙම අති විශාල අයැදුම්පත් සංඛ්‍යාව හේතුවෙන් ධාවන ඉසව් පහක මූලික තරග පැවැත්වීමේදී  පරිසාධන මට්ටම් සලකා බැළේ. ඒ අනුව මීටර 100, මීටර 200, මීටර 400, මීටර 800, මීටර 400 කඩුලූ සහ වැඩිම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටින ඉසව්හි මූලික වටයෙන් එම ඉසව්වල පරිසාධන මට්ටමට පැමිණ සිටින කී‍්‍රඩකයන් හෝ කී‍්‍රඩිකාවන් 12 දෙනා ඉවත් කෙරේ. අනතුරුව එම ඉසව්හි මූලික වටයේදී හොඳම දක්ෂතා දක්වන කී‍්‍රඩකයන් හෝ කී‍්‍රඩිකාවන් 12 දෙනා බැගින් තෝරා ගැනේ.

තෝරාගනු ලබන 12 දෙනා සහ පරිසාධන මට්ටමට පැමිණ සිටින 12 දෙනා අතර තරග පවත්වා අවසන් තරග සඳහා සුදස්සන් තෝරා ගැනේ.

මූලික තරග වැඩි ගණනක් පැවැත්වීමෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙහෙසට පත්වීම වැළැක්වීම සඳහා මෙම තීරණයට පැමිණි බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්ද මහතා පැවැසීය.

මෙවර තරගාවලියේදී මීටර 100 ඉසව්වට කී‍්‍රඩිකාවන් 97 ක් සහ කී‍්‍රඩකයන් 100 ක්ද මීටර 200 ඉසව්වට කී‍්‍රඩකයන් 80 ක්ද, මීටර 400 ඉසව්වට කී‍්‍රඩකයන් 94 ක් සහ මීටර 1500 ඉසව්වට කී‍්‍රඩකයන් 64 දෙනෙක්ද, මීටර 5000 ඉසව්වට කී‍්‍රඩකයන් 101 ක්ද, මීටර 10,000 ඉසව්වට කී‍්‍රඩකයන් 80 දෙනෙකුත්ද ඉදිරිපත්ව සිටින බව එම ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය පවසයි.

ජාතික මලල කී‍්‍රඩා ශුරතාවලිය 16 වැනිදා සිට 18 වැනිදා දක්වා සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට 1200 ක් එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.