Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙම වසරේ මැයි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ රංචි නුවරදී පැවැත්වෙන සිව් වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය හා මැයි 27 සිට 31වැනිදා දක්වා දකුණු කොරියාවේ ගුමී නුවරදී පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ලෙස ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කළ ආරාධනාව ඔහු පිළිගෙන තිබේ.
කෙසේවූවත් ඒ සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයෙන් කළ ආරාධනාව මේ වන විට ඇමරිකාවේ වෙසෙමින් පුහුණුවීම් හා ඉගෙනුම් කටයුතු හදාරන ආසියානු රන් පදක්කම්ලාභීනි මැදි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම තරගාවලි දෙක සඳහා 30 හැවිරිදි යුපුන් අබේකෝන්ගේ සහභාගිත්වය කැපී පෙනෙන්නේ ඔහු වසර 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සහභාගිත්වයෙන් පසුව මෙතෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට සහභාගීවී නොතිබීමය. වසර 2022 අගෝස්තු 3 වැනිදා ඔහු බර්මින්හැම් පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළට තරග වදිමින් මීටර 100 (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම ( තත්පර 10.14) දිනා ගැනීමට සමත් විය.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස තවදුරටත් කල් ගෙවන ඔහු ඊට හිමිකම් කියන්නේ තත්පර 9.96 කටය. ඒ ස්විට්සර්ලන්තයේදී තරග වදිමිනි. එය කලාපයේ ක්‍රීඩකයෙකු මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 10 ට අඩුවෙන් මෙතෙක් දිව ගිය පළමු හා එකම අවස්ථාවද වේ.
කෙසේවූවත් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ඔහු නිර්දේශ ලබා ගත් නමුදු 2024 පැරිස් ඔලිම්පික් නිර්දේශ තරග වලින් ඔහු අසමත් වීමෙන් ඔහුට එය මග හැරුණි.ඊට ප්‍රධානතම හේතුවක් වූයේ ඔහුගේ පාදයක හට ගත් ආබාධයයි
මේ අතර ඇමරිකාවේදී අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙමින් මේ දිනවල කටයුතු කරන බැවින් තමන්ට එකී ජාත්‍යන්තර තරගාවලි සදහා සහභාගි විය නොහැකි බව තරුෂි කරුණාරත්න ප්‍රකාශ කර තිබේ.
20 හැවිරිදි තරුෂි කරුණාරත්න පසුගිය පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමට සමත්වූ අතර මේ වන විට ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් ( 2022 -හන්ජෝ) හා ආසියානු ශූරතා රන් පදක්කමක් (2023 - බැංකොක්) මීටර 800 (කාන්තා) ඉසව්වෙන් දිනා ඇත්තේ තවත් ආසියානු ශූරතා රිදී පදක්කම් දෙකක් හා ආසියානු ක්‍රීඩා ලෝකඩ පදක්කමක් සහය දිවීමේ ඉසව් වෙතින් දිනා ගනිමිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.