Last Update  :  2025-04-18 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 9 - 10

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 9 - 10

editorial - 2021 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරට නියමිත 99 වැනි  ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් අදියර ලබන සඳුදා හා අඟහරුවාදා (9-10) යන දිනවල පෙරවරු 7 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසන්නේ සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් හා කළමනාකරුවන්ට පමණක් මෙම දින දෙකේදී තරගාවලිය විවෘත වන බවයි.

ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු අදියර පසුගිය මැයි  21 වැනිදා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වුණි. 

මෙවර ජාතික තරගාවලියේ අවසන් අදියරේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මලල ක්‍රීඩා පුහුණු සංචිතයට නිර්දේශ කෙරේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 12 දෙනකු බැගින් ඇතුළත් වන සුපිරි පුහුණු සංචිතය ක්‍රියාත්මක කිරීම හැරෙන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනකුගෙන් සමන්විත ජාතික පුහුණු සංචිතයක්ද දැනට පවත්වා ගෙන යයි.

ලබන සඳුදා සහ අඟහරුවාදා  දින දෙකේදි මීටර් 10000, මීටර් 5000, මීටර් 1500, මීටර් 100 කඩුලු පැන දිවීම, මීටර් 110 කඩුලු  පැනදිවීම, රිටි පැනීම, මීටර 200, මීටර 800, කවපෙත්ත විසි කිරීම, මීටර 400 කඩුලු පැන දිවීම, තුන්පිම්ම, මිටිය විසි කිරීම, යගුලිය විසි කිරීම, කවපෙත්ත විසි කිරීම යන කාන්තා හා පිරිමි ඉසව් හැරෙන්නට සත්ප්‍රයාම (කාන්තා) හා දසප්‍රයාම (පිරිමි) ඉසව් පැවැත්වීමට කටයුතු කෙරේ.

මෙම තරග ඉසව් සඳහා සුදුසුකම් ලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනකු පමණ සහභාගි වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජාතික දත්ත සටහන්කරු සමන්කුමාර ගුණවර්ධන මහතා පවසයි.

එළඹෙන 2022 වසර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වශයෙන් කාර්ය බහුල වසරකි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙන්ම ආසියානු ක්‍රීඩා උළෙල ද ලබන වසරේදී පැවැත්වීමට නියමිතය. 

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එම වසරේ ජූලි 28 සිට අගෝස්තු 8 වැනිදා දක්වා එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී පැවැත්වේ. චීනයේ හැංග්ෂු නුවරදී ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ 2022 සැප්තැම්බර් 10 සිට 25 වැනිදා දක්වාය.


2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් මූලික තේරීම් තරගාවලියක් ලබන ඔක්තෝබර් 17-18 දෙදින කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දැනටමත් සැළසුම් කර තිබේ. කෙසේ වුවත් ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය ඉතා සිමීත ගණනකට සීමාවනු ඇතැයිද වාර්තාවේ.


අදහස් (0)

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 9 - 10

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.