Last Update  :  2025-03-31 17:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික රට හරහා දිවීමේ ශූරයා සිවරාජන් - ශූරිය මෙත්මී

ජාතික රට හරහා දිවීමේ ශූරයා සිවරාජන් - ශූරිය මෙත්මී

editorial - 2025 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නුවරඑළියේදී නිමාව දුටු 49 ජාතික මහ ක්‍රීඩා උළෙලේ  රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම මධ්‍යම පළාතේ මුත්තුසාමී සිවරාසන් විසින්ද හා එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම නැගෙනහිර පළාතේ මෙත්මී විජේසූරිය විසින්ද දිනා ගන්නා ලදී.එම ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන්ට රුපියල් 50000 බැගින් ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරුණි.

මෙම වසරට නියමිත 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ  පළමු ඉසව්ව ලෙස මෙම තරගාවලිය නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්විණි. ඒ සදහා දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් එක් පළාතකින් ක්‍රීඩකයෝ නව දෙනෙක් හා ක්‍රීඩිකාවෝ හය දෙනෙක් බැගින් සහභාගි වූහ.

නුවරඑළියේම ක්‍රීඩකයකු වන ගුවන් හමුදාවේ සේවය කරන රන් පදක්කම්ලාභී සිවරාජන් කිලෝමීටර 10 ක ධාවනය අවසානයේ දිනුම් කණුවට ළගාවූයේ විනාඩි 34 තත්පර 21.31 ක කාලයක් ගෙවා දැමීමෙණි.

විනාඩි 38.තත්පර 40.93 කට  කිලෝමීටර 10 ගෙවා අවසන් කළ මෙවර ජාතික රට හරහා දිවීමේ ශූරිය වූ  මෙත්මී විජේසූරිය කැළණිය විශ්ව ව්ශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකි.යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙවර තරගාවලියට ඇය ඉදිරිපත් වූවාය.

 ගිය වර පිරිමි ඉසව්ව ජය ගත් බස්නාහිර පළාතේ ආර්.එම්.එස්.පුෂ්පකුමාර තත්පර 36 කින්  මෙවර දෙවැනි තැනට පසු බැස්වීමට එහිදී සිවරාජන් සමත්වීම කැපී පෙණුනි.

මෙවර කාන්තා ඉසව්වේ කැපී පෙණුනු සිදුවීමක් වූයේ ගිය වර රන් පදක්කම දිනා ගත් මධ්‍යම පළාතේ චාමිණී හේරත් ලෝකඩ පදක්කම දක්වා පසු බැසීමයි.මධ්‍යම පළාතේම ක්‍රීඩිකාවක් වන වත්සලා මධුෂානී හේරත් මෙවර කාන්තා ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගත්තාය.ඒ අනුව අපහසුවකින් තොරව දෙවැනි තැනට පත් ක්‍රීඩීකාවට වඩා විනාඩි 1 තත්පර 23 කට පෙර දිනුම් කණුවට ළගාවීමෙන් මෙත්මී විජේසූරිය මෙවර ජය තහවුරු කර ගත්තාය.

මෙවර ජාතික මහ ක්‍රීඩා රට හරහා දිවීමේ තරගාවලියේදී මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙණුනු අතර ඔවුන් විසින් කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන්ම මුල් පෙළේ ස්ථාන හතක් දිනා ගෙන තිබුණි.ඊට පිරිමි ඉසව්වේ රන් පදක්කම කාන්තා ඉසව්වේ රිදී පදක්කම හා ලෝකඩ පදක්කමද ඇතුළත් විය.

ගියවර පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් මධ්‍යම පළාතේ වැක්ෂාන් වික්නරාජ් මෙවර තරගාවලියට සහභාගි නොවීය. ඔහු නොබෝදා ඉස්ලාමාබාද් නුවරදී පැවැති දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ ශුරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩකයායි.

නුවරඑළියේදී පැවැති මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු, නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ තරගාවලියට අනුග්‍රහය දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ බාහිර ප්‍රවර්ධන කටයුතු කළමනාකරු සජීව වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.ඉසව් දෙකේම 10 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග ප්‍රදනය කෙරුණි.

 

49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරග ප්‍රතිඵල

( කාන්තා - කිලෝමීටර 10)

1මෙත්මී විජේසූරිය (නැගෙනහිර - විනාඩි 38.තත්පර 40)
2 වත්සලා මධුෂානි හේරත් (මධ්‍යම - 40.04)
3 චාමිණී සමුද්ධිකා හේරත් (40.18)
4 නිමේෂා නිදර්ශනී (ඌව - 41.48)
5 ඒ.එන්.එල්. ආරියදාස (සබරගමුව  - 41.59)
6 එම්.ජී.එන්.පී. කුමාරී (මධ්‍යම - 42.16)
7 බී.එන්.ඩබ්.සෙව්වන්දී (බස්නාහිර - 42.32)
8 ඒ.එස්.එන්. බන්ඩාර (සබරගමුව - 42.40)
9 පී.ජී.එස්.එස්.විමලසූරිය (මධ්‍යම - 42.55)
10 චාන්දනී ප්‍රියදර්ශනී (ඌව - 43.47)

 

★පිරිමි ඉසව්ව ( කිලෝමීටර 10)

1 මුත්තුසාමී සිවරාජන් (මධ්‍යම - විනාඩි 34.තත්පර 21)
2 ආර්.එම්.එස්. පුෂ්පකුමාර (බස්නාහිර - 34.57)
3 ආර්.ඒ.ඩී.එච්.කුමාර  (බස්නාහිර - 34.59)
4 කේ.එච්.එම්.සරත් කුමාර (ඌව - 35.12)
5 මධුරංග උපුල් (ඌව - 35.35)
6 උදාර චානක (ඌව - 36.01)
7 ලක්ෂාන් ප්‍රසන්න (ඌව - 36.09)
8 ආර්. යදීෂ (මධ්‍යම - 36.11)
9 කේ එන් ප්‍රියන්ත (වයඹ - 36.15)
10 එච්.එම්.ඊ.යූ.බී.හේරත් (මධ්‍යම - 36.19)


අදහස් (0)

ජාතික රට හරහා දිවීමේ ශූරයා සිවරාජන් - ශූරිය මෙත්මී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.